හොර සල්ලි ගෙන්න ගෙනා පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි – ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කරයි

ශ්‍රී ලාංකිකයන් විදේශවල සඟවා ඇති කළු සල්ලි කිසිදු විමසීමකින් හෝ බදු ගෙවීමකින් තොරව ආයෝජනය කිරීමට ඉඩ ලබාගැනීම සඳහා ආණ්ඩුව ඉදිරිපත් කළ පනතේ වගන්ති 13 ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ටාධිකරණය තීන්දු කොට ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.
පනතේ වගන්ති 12ක් සංශෝධනය විය යුතු බව තීන්දු කොට ඇති ශ්‍රේෂ්ටාධිකරණය, එහි 17 වැනි වගන්තිය සංශෝධනය කිරීමට හෝ නොහැකි බවත්, එය සම්පුර්ණයෙන් ඉවත් කළ යුතු බවත්, තීරණය කොට තිබේ.
17 වැනි වගන්තිය ඉවත් කොට අනෙක් වගන්ති සංශෝධනය කළ හොත් පමණක් එය පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ටාධිකරණය දැනුම් දී තිබේ.
