ජනාධිපතිගෙන් රනිල්ට හදිසි කැඳවීමක්

අද ම පැමිණ තමා හමුවන ලෙස ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා, එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කොට තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ දුරකථන ඇමතුමක් දී කතා බහ කළ ජනාධිපතිතුමා අද ම පැමිණ තමා හමුවන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වෙයි.
කොවිඩ් වසංගතයට මුහුණ දීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කොට තිබිණි. ජනාධිපතිතුමා වික්‍රමසිංහ මහතා කැඳවා ඇත්තේ ඒ පිළිබඳව වැඩි දුර සාකච්ඡාවකට බව විශ්වාසා කෙරෙයි.
එජාප හිටපු මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ පියාගේ අවමගුලට සහභාගී වීම සඳහා අද උදේ කොළඹින් පිට ගොස් සිටි රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ පැමිණි පසුව ජනාධිපතිතුමා හමුවනු ඇතැයි එජාප ආරංචි මාර්ග අද උදේ ප්‍රකාශ කළේ ය.
