ආණ්ඩුව බෑ කියද්දී ජනතාව රට වසති ! වෙළෙඳ සංගම් පෙරමුණ ගනියි !!

කොවිඩ් වසංගතය ඩෙල්ටා ප්‍රභේදයත් සමග රෝගය වේගයෙන් පැතිරෙද්දී සියලු වෛද්‍ය සංවිධානවල ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ආණ්ඩුව රට නොවසන බව ප්‍රකාශ කළ ද, මේ වනවිට මහජන ඉල්ලීම් මත රටේ බොහෝ නගර වසා දමා තිබේ. ඒ ඒ නගරවල වෙළෙඳ සංගම් මගින් ගත්  තීරණ අනුව ප්‍රධාන නගර රාශියක් මේ වනවිට වසා දම ඇත. තවත් නගර ගණනාවක් හෙට සිට වසා දමන බව කියති.

ගම්පහ, වේයන්ගොඩ, යක්කල, බදුල්ල, බණ්ඩාරවෙල බලන්ගොඩ, මාතලේ, උල්පත, තංගල්ල, අම්බලන්තොට, අම්බලන්ගොඩ, කැප්පෙටිපොල , කැකිරාව, පලාබද්දල, සේරු නුවර, දන්කොටුව, ත්‍රිකුණාමලය ආදී නගර රැසක් දැනට වසා දමා ඇති අතර රත්නපුර ඇඹිලිපිටිය , මිනුවන්ගොඩ , දිවුලපිටිය ඇතුළු තවත් නගර රැසක් වසා දැමීමට තීරණය කොට ඇති බව වාර්තා වෙයි.

මේ අතර දිවයිනේ ප්‍රධාන නගර රැසක් ජනශුන්‍ය වී ඇති අතර කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ඉල්ලීමක් කොට ඇත්තේ, අත්‍යවශ්‍ය කරුණකට හැර කොළඹ නගරයට නොපැමිණෙන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *