කොවිඩ් සුපුරුදු නිල වාර්තා ; මරණ 167 යි ; ආසාදිතයින් 3414 යි

අද රජය නිකුත් කළ නිල වාර්තා අනුව කොවිඩ් මරණ සංඛ්‍යාව 167 කි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ප්‍රමාණය 6,263 දක්වා ඉහළ ගොස් තිබේ.
අද නිකුත් කළ නිල වාර්තා අනුව අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා කොට ඇත්තේ 3,414 ක් වශයෙනි.
මෙරට කොවිඩ් ආසාදිත සමස්ත සංඛ්‍යාව සටහන් වන්නේ 358, 382 ක් වශයෙනි.
කෙසේ වෙතත් , මෙම සංඛ්‍යා පිළිබඳව ගැටළු ඇති බව මේ වනවිට සෞඛ්‍ය අංශ ද පිළිගෙන තිබේ.
