මඩේ සිටවූ කොරෝනා මර්දනය – අනුර කේ එදිරිසූරිය

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගෙන ඇති අලුත්ම තීරණයට අනුව අගෝස්තු 15 මධ්‍යම රාත්‍රියේ සිට; හෝටල් වල සහ හෝල් වල කෙරෙන සමාජ උත්සව , එක්රැස් වීම් තහනම් කර , අගෝස්තු 16 සිට නැවත දැනුම්දෙන තුරු රාත්‍රී 10.00 සිට පෙරවරු 4.00 දක්වා ඇඳිරිනීතිය පණවා තිබේ . මෙකී තීරණය ප්‍රකාශයට පත්කරන මොහොත වන විට නිල වශයෙන් තහවුරු කර තිබුණු දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3435 ක්ව පැවැති අතර දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව ( අගෝස්තු 14 දිනට අදාළව ) 161 දක්වා ඉහළ ගොස් තිබුණි.
කොවිඩ් පාලනයේ දී ආණ්ඩුවේ තේමා පාඨය ” පියවරක් පෙරට දෙකක් පසුපසට “යන්නය . එය හොඳින්ම තහවුරු කෙරුණු අවස්ථා දෙකක් ලෙස අගෝස්තු 15 තීරණය සහ රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි සේවයට කැඳවන චක්‍රලේඛය පෙන්වාදිය හැකිය .
සියලු රාජ්‍ය සේවකයන් අගෝස්තු 02දා සිට සාමාන්‍ය පරිදි සේවයට කැඳවන්නැයි ජනාධිපති ලේකම්වරයා උපදෙස් දුන්නේ ජූලි 30 දාය. එම උපදේශය අනුගමනය කරමින් අමාත්‍යංශ ලේකම්වරයා විසින්,සියලුම රාජ්‍ය සේවකයන් සේවයට කැඳවන චක්‍රලේඛය නිකුත් කරණු ලැබුවේ ජූලි 31දාය.
ජූලි 31 චක්‍රලේඛය අගෝස්තු 15දා ආපසු හරවන විට ජනාධිපති ලේකම්වරයාගේ එම උපදෙසටත් අමාත්‍යංශ ලේකම්වරයාගේ චක්රලේඛයටත් ගතව තිබුණේ යාන්තම් දවස් 15කි.
රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි සේවයට කැඳවන චක්‍රලේඛය හමුදා සේවයට කැඳවනවා වැනි හදිසි කැඳවීමකි. චක්‍රලේඛය නිකුත්වූ දිනයත් ඇතුළුව සේවයට වාර්තා කිරීමට කල් දී තිබුණේ දින 02ක් පමණි. අඩුම තරමේ රාජ්‍ය සේවයේ නෝනලාට මහත්වරුන්ට සේවයට වාර්තා කරන්නට අවශ්‍ය පරිසරය සකසා ගන්නට සෑහෙන කාලයක් වත් චක්රලේඛයෙන් ලබා දී තිබුණේ නැත.
කාර්යාල ඇරියාට පාසල් ඇරුණේ නැත . ඩේ කෙයාර් ,මොන්ටිසෝරි ඇරුණේත් නැත . දරුවන් ගෙවල්වලය . ඔවුන් දමා යාමේ ප්රශ්නය විසඳාගන්නටවත් කාලයක් තිබුණේ නැත . ඒ දින දෙක තුළ රාජ්‍ය සේවය ක්‍රියාත්මක නොවුණහොත් රට මහා විනාශයකට ලක්වන්නට තිබුණා මෙනි .
කාර්යාල ඇරියාට පාසල් ඇරුණේ නැත . ඩේ කෙයාර් ,මොන්ටිසෝරි ඇරුණේත් නැත . දරුවන් ගෙවල්වලය . ඔවුන් දමා යාමේ ප්රශ්නය විසඳාගන්නටවත් කාලයක් තිබුණේ නැත . ඒ දින දෙක තුළ රාජ්‍ය සේවය ක්‍රියාත්මක නොවුණහොත් රට මහා විනාශයකට ලක්වන්නට තිබුණා මෙනි .
කවුරුත් දන්නා පරිදි රාජ්‍ය සේවයේ වර්තමානයේ පවතින්නේ සේවක අතිරික්තයකි .එයින් අදහස් වන්නේ ආණ්ඩුවේ කන්තෝරුවල රාජකාරියක් නොමැති පිරිසක් සිටින බවය.වසංගත සමයක රාජකාරියක් නැති තැනැත්තකු සේවයට කැඳවීමට අවශ්‍යතාවක් නැත.ගත යුතු හොඳම පියවර ව තිබුණේ අත්‍යවශ්‍ය සේවක පිරිස පමණක් සේවයට කැඳවීමය.ඒ වන විටත් කෙරෙමින් පැවතියේද එයය.ආණ්ඩුව කඩිමුඩියේ එය වෙනස් කළා සේම යළිත් එවැනිම කඩිමුඩියකින් තමන්ගේම තීරණය කණපිට හරවා තිබේ.
රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි සේවයට කැඳවූ චක්‍රලේඛය නිකුත් වී දින පහකට පසුව එනම්, අගෝස්තු 05 දා රාජ්‍ය ඇමැති චන්න ජයසුමන පාර්ලිමේන්තුවේදී ගැබිනි මවුවරුන් සේවයට වාර්තා කිරීම අවශ්‍ය නැති බව කීවේය .ඒ වන විට ගැබිනි මවුවරු දින 03ක් සේවයට ගොස් අවසන්ය. ජුලි 31 චක්‍රලේඛය නිකුත් කරන මොහොතේ “ගැබිනි මවුවරුන් හැර ” යන වචන කිහිපය ඇතුළත් නොවීමටත් ගැබිනි මවුවරුන් සේවයට පැමිණීම අවශ්‍ය නැති බව අගෝස්තු 05 දින කීමටත් බලපෑ හේතුව හැඳින්විය හැකි හොඳම වචනය අකාර්යක්ෂමතාව යන්නය. රාජ්‍ය සේවයේ සියල්ලන් යොදවා හදිසියේ කළ යුතු රාජකාරි රැසක් ඒ මොහොතේ තිබුණා වන්නටද පුළුවන්කමක් නැත . එසේ සිතෙන්නේ රජයේ සියලු සේවකයන් සේවයට කැඳවා දින 03ක් ගිය පසුව එනම් අගෝස්තු 05 දා චන්න ජයසුමන මහතා රාජ්‍ය සේවකයන් සතියකට කොටස් දෙකකට සේවයට කැඳවන චක්‍රලේඛයක් නිකුත් කරනු ඇති බව පාර්ලිමේන්තුවේදී කී නිසාය.
අගෝස්තු 02 සිට සියලුම රාජ්‍ය සේවකයන් සේවයට වාර්තා කළ යුතු බව ජුලි 31කියූ ආණ්ඩුව ඉන් දින දින 06කට පසුව අගෝස්තු 06 දින නැවතත් කීවේ ,අගෝස්තු 09 දින සිට රාජ්‍ය සේවයට කැඳවන සේවක සංඛ්‍යාව තීරණය කිරීමේ වගකීම ආයතන ප්‍රධානීන්ට බාර කරන බවය. අගෝස්තු 02 රාජ්‍ය සේවකයන් සාමාන්‍ය සේවයට කැඳවන මොහොත වන විට රාජ්‍ය සේවකයන් අවශ්‍ය පරිදි සේවයට කැඳවීමේ වගකීම බාරව තිබුණේ ද ආයතන ප්රධානීන්ටමය. ඒ අනුව ආණ්ඩුව දින හතකින් සිය කඩිමුඩි චක්‍රලේඛය හකුලා පෙර පැවැති තැනටම ගියේය . එතැනින් නොනැවතී අවමඟුල් උත්සවයකට එකවර සහභාගි විය හැකි සංඛ්‍යාවද 25 දෙනකුට සීමා කළේය . එමඟින් ඉඟි බසින් කියැවුණු රහස නම් කොවිඩ් එන පොට එතරම් හොඳ නැහැ කෙල්ල ගෙට ගනිං යන්නය.කොවිඩ් පාලනය නිසි සැලසුමකට අනුව සිදුවේනම් මෙවැනි දේ සිදුවන්නට හැකියාවක් නැත .
බැලූ බැල්මට පෙනෙන්නේ මෙරට කොවිඩ් පාලනය බීමතින් රිය පැදවීමක් හා සමාන බවය.වමටත් හරවයි දකුණටත් හරවයි . දෙපැත්තට සිග්නල් දමයි . රිය පදවන්නාත් පාරේ ගමන්කරන්නාත් දෙදෙනාම අනතුරේය. වසංගත රෝග පාලනය බාර අංශවලට වසංගතයේ හැසිරීම පිළිබඳ අවබෝධයක් ඇත්නම් මෙවැනි වැනෙනසුලු තීරණ ගන්නේ නැත . ගත් තීරණයක මාසයක් රැඳෙන්නට නොහැකි වන්නේද නැත .
බැලූ බැල්මට පෙනෙන්නේ මෙරට කොවිඩ් පාලනය බීමතින් රිය පැදවීමක් හා සමාන බවය.වමටත් හරවයි දකුණටත් හරවයි . දෙපැත්තට සිග්නල් දමයි . රිය පදවන්නාත් පාරේ ගමන්කරන්නාත් දෙදෙනාම අනතුරේය. වසංගත රෝග පාලනය බාර අංශවලට වසංගතයේ හැසිරීම පිළිබඳ අවබෝධයක් ඇත්නම් මෙවැනි වැනෙනසුලු තීරණ ගන්නේ නැත . ගත් තීරණයක මාසයක් රැඳෙන්නට නොහැකි වන්නේද නැත .
රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි සේවයට කැඳවන චක්‍රලේඛය නිකුත්වූ දිනය එනම් ජූලි 31 ට ආසන්නතම දිනවල මෙරටින් දිනකට වාර්තා වෙමින් තිබුණු කොවිඩ් ආසාදිතයන් සහ කොවිඩ් මරණ සංඛ්‍යාව සළකා බලන කල රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම කෙතරම් බරපතළ සහ වගකීමෙන් තොර ක්‍රියාවක්ද යන්න පැහැදිලි වේ.එම සංඛ්‍යා මෙසේය ; ජූලි 27- රෝගීන් 1653 මරණ 63 , ජූලි 28- රෝගීන් 1688 මරණ 66 , ජූලි 29- රෝගීන් 1919 මරණ 56 , ජූලි 30-රෝගීන් 2329 මරණ 61, ජූලි 31රෝගීන් 2455 මරණ 67.ඒ ම්න් පැහැදිලිවන්නේ රාජ්‍ය සේවකයන් සේවයට කැඳවන චක්‍රලේඛය නිකුත් වී ඇත්තේ වසංගත තත්ත්වය අඩුවෙමින් පවතින අවස්ථාවක නොව වැඩිවෙමින් පවතින අවස්ථාවක බවය. කොවිඩ් මර්දනය සඳහා සැලසුමකට අනුව කටයුතු කරන්නේ නම් කිසිවිටෙකත් එවැනි කාලයක සියලු සේවකයන් එකවර සේවයට කැඳවන්නේ නැත .
මෙය මේ ආකාරයෙන් සිදුවණු එකම අවස්ථාවද මෙය නොවේ . නිදසුනක් ලෙස ජුලි 15 දින ඩෙල්ටා නව ප්‍රභේදය කොළඹ , පිළියන්දල , යාපනය සහ කිලිනොච්චි යන ප්‍රදේශවලින් හඳුනා ගත් බව කියමින්ම එනම් ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමේ අවදානමක් පෙනිපෙනීම ජුලි 16 වනජීවි උද්‍යාන සහ ළමා උයන් නැවත විවෘත කළේය. සත්වෝද්‍යානවල ධාරිතාවෙන් 25%ක නරඹන්නන් පිරිසක් ඇතුළු කිරීමට අවසර දුන්නේය. ශාලා තුළ සංගීත සංදර්ශන සඳහා 50%කට ඉඩ දිය හැකි බව කීවේය .
ජුලි 15 දින ඩෙල්ටා නව ප්‍රභේදය කොළඹ , පිළියන්දල , යාපනය සහ කිලිනොච්චි යන ප්‍රදේශවලින් හඳුනා ගත් බව කියමින්ම එනම් ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමේ අවදානමක් පෙනිපෙනීම ජුලි 16 වනජීවි උද්‍යාන සහ ළමා උයන් නැවත විවෘත කළේය. සත්වෝද්‍යානවල ධාරිතාවෙන් 25%ක නරඹන්නන් පිරිසක් ඇතුළු කිරීමට අවසර දුන්නේය. ශාලා තුළ සංගීත සංදර්ශන සඳහා 50%කට ඉඩ දිය හැකි බව කීවේය .
ජුලි 16 තීරණයෙන් හරියටම මාසයකට පසුව සහ ජුලි 31චක්රලේඛයෙන් දින 15කට පසුව එනම් අගෝස්තු 15 දින දැන් නැවතත් ගැල පටන්ගත් තැනටම පැමිණ තිබේ . නැවතත් හෝටල්වල සහ හෝල්වල සමාජ උත්සව ,එක්රැස් වීම් තහනම්ය. අගෝස්තු 17සිට මංගල උත්සවද තහනම්ය.රෙස්ටුරන්ට් වලට ඇතුළත් කර ගත හැක්කේ ආසන සංඛ්‍යාවෙන් 50%පමණි. පළාත් අතර සංචරණ සීමාද නැවත ක්‍රියාත්මක කර තිබේ .ඒ රජයේ සේවකයන් දින15 ක් පළාත් සීමා හරහා ගොස් කොරෝනා වෛරසය නිවෙස්වලට රැගෙන ආවාට පසුව සහ රෝහල් රෝගීන් ගෙන් පිරී ඉතිරෙන්නට පටන්ගත් පසුවය.

අනුර කේ එදිරිසූරිය .
|
|
|||||
