පාස්කු ප්‍රහාර කුමන්ත්‍රණය ගැන ප්‍රශ්න කරන්න හිටපු නීතිපත දප්පුල සී අයි ඩී යට කැඳවයි !

පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණය ගැන විමසීමට හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමට එම දෙපාර්තමේන්තුව ඉදිරියේදී ක්‍රියාකරනු ඇතැයි ආරක්ෂක ලේකම්වරයා අද පැවතී මාධ්‍ය හමුවක් අමතා ප්‍රකාශ කළේ ය. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණයක් බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුව එලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවනු ඇති බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල්…

සහල් මිල පාලනය කරන මාෆියාවක් ගැන ආණ්ඩුවේ කතාව බොරු – අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් හෙළිකරයි !

සහල් වෙළෙඳපොළ පාලනය කරන මහා පරිමාණ මෝල් හිමියන්ගේ මාෆියාවක් ගැන රජය ගෙනයන ප්‍රචාරය පට්ට පල බොරුවක් බව  අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා අද කළ ප්‍රකාශයක් මගින් හෙළිදරව් වෙයි. ඊයේ පොළොන්නරුවේ මෝල් වැටලීමේ අසාර්ථක මෙහෙයුමෙන් පසු අද ඒ මහතා ප්‍රකාශ කොට ඇත්තේ පොළොන්නරුවේ විශාල මෝල් හිමියන් සපයන්නේ රටේ…

හදිසි නීතිය දාගෙන ඊයේ පොලොන්නරුව මහා මෝල් වටලා ඇල්ලු සහල් තොගය එක වේලක් කන්නත් මදි !

පොළොන්නරුවේ සහල් ව්‍යාපාරිකයින් සතු මහා වී මෝල් සියල්ල වටලා සහල් මෙට්‍රික් ටොන් 1000 කට ආසන්න ප්‍රමාණයක් තමන් භාරයට ගත් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් වරයා කියන අතර මෙම ප්‍රමාණය රටේ එක වේලක සහල් පරිභෝජනයෙන් තුනෙන් එකක් තරම් ප්‍රමාණයකි. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සහල් ගබඩා පරීක්ෂා කළ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ,විශ්‍රාමික මේජර් ජෙනරාල්…

මධ්‍යම අධිවේගය නිසා පඬු කරඳ ශාකය වඳ වී යාමෙන් බේරෙයි !

මධ්‍යම අධිවේගී මාර්ගය සැදීමේ දී ඉවත් කිරීමට යාම නිසා එයට එරෙහිව විශාල උද්ඝෝෂණ ඇතිවීමෙන් බේරුණු පඬු කරඳ ශාකය එම උද්ඝෝෂණ නිසා ඇති වූ අවධානය මගින් තව බොහෝ තැන්වලින් සොයා ගැනීම නිසා මෙවර රතු දත්ත පොතේ වඳ වී ගිය ශාක ලැයිස්තුවෙන් එය ඉවත් කොට ඇත. මෙම ශාකය 2012 රතු දත්ත පොතේ අතුළත් කොට තිබුණේ මෙරටින් වඳ…

අදත් කොවිඩ් මරණ 185 ක් ; නව ආසාදිතයින් 2917 ක්

අදත් කොවිඩ් මරණ 185 ක් රජය නිල වශයෙන් වාර්තා කළේ ය. ඒ අනුව මෙරටින් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 10,689 කි. අද රජය වාර්තා කොට ඇති නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,917 කි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 474,780 ක් වශයෙනි.

හිතුවක්කාර වැඩට විරෝධය පා විශේෂඥයෝ තිදෙනෙක් කොවිඩ් කමිටුවෙන් ඉවත්වෙති

කොවිඩ් මර්ධනයට පියවර ගැනීමේ දී සෞඛ්‍ය සේවයේ විශේෂඥයින්ගේ උපදෙස් නොතකා රජය හිතුවක්කාර ලෙස ක්‍රියා කිරීමට විරෝධය පාමින්,  කොවිඩ් මර්ධන විශේෂඥ කමිටුවේ සේවය කළ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකකු  එම කමිටුවෙන් ඉල්ලා ඇස වී තිබේ. කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව රජය කරගෙන යන වැඩ වලින් ඇතිවන විනාශයට වග කිව නොහැකි බව කියමින් මොවුන් මෙම ඉවත්වීම සිදුකොට තිබේ. වසංගත රෝග…

කුණ්ඩලීනි ශක්තියෙන් සියලු රෝග සුව කොට ඉන්දියාවේත් කොවිඩ් පැරදු එලියන්ත වයිට් කොවිඩ් හැදී රෝහලේ

නාවික හමුදා කොවිඩ් පොකුර , මිනුවන්ගොඩ පොකුර , පෑලියගොඩ කොවිඩ් පොකුර මර්දනය කලේ තමා යයි උදම් ඇනූ එලියන්ත වයිට් කොවිඩ් ආසාදිතව රෝහල් ගතකොට ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාවේද කොවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා ප්‍රබල මැදිහත්වීමක් සිදුකළ බව කි සහ  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රාජකීය වෛද්‍යවරයා ද වූ ඒලියන්ත වයිට් මහතාටද…

බදුයුදීන්ගේ ජංගම දුරකථනයෙන් හොර සන්බන්ධතා රැසක් මාට්ටු ; බේරගන්න බුද්ධි අංශය මැදිහත් වෙයි !

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා සිටින රිෂාඩ් බදුයුදීන් මන්ත්‍රීවරයා ළඟ තිබී බන්ධනාගාර නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් ජංගම දුරකථනයෙන් රහස් සම්බන්ධතා රැසක් හෙළිදරව් වී ඇති බවත්, එම ශාක්ෂි යට ගැසීම සඳහා අදාළ දුරකථනය රාජ්‍ය බුද්ධි සේවය වෙත පවරාගෙන ඇති බවත්, වාර්තා වෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ දුරකථනය පරීක්ෂාවට ලක් කොට…

මාධ්‍ය සංදර්ශන බොරු ; සැඟවූ සහල්, සීනි තොග, හොර ගබඩා කිසිවක් හමු වී නෑ !

වෙළෙඳ මාෆියා විසින් සීනි සහල් සඟවා තැබූ රහසිගත ගබඩා වැටලු බවට, සහ සඟවා තිබු තොග රජය භාරයට ගත් බවට රජය විශාල මාධ්‍ය සංදර්ශන පැවැත්වුව ද , මෙම වැටලු ගබඩා කිසිවක් රහසිගත ගබඩා නොවන බවත්, අදාළ සමාගම් වසර ගණනාවක් තිස්සේ මෙම ස්ථානවල තොග ගබඩා කිරීම සිදුකොට ඇති බවත්, අත් අඩංගුවට ගත්  බව කියන ප්‍රමාණයේ තොග අඩු…

මගහැරුණු කොවිඩ් ආසාදිතයින් 2950 ක් එකතු කරයි ; අද මරණ 184 යි ; තවත් ආසාදිතයින් 2960 ක්

පසුගිය දිනවල දෛනිකව ඉදිරිපත් කළ කොවිඩ් ආසාදිත සංඛ්‍යාවලට ඇතුළත්වීමට අත පසු වී තිබුණු බව කියන ආසාදිතයින් 2,950 ක් අද දිනයේ සමස්ත ආසාදිත සංඛාවට එකතු කොට ඇත. මෙම මග හැරුණු රෝගීන් සංඛ්‍යාව සැප්තැම්බර් 1 සිට 5 දක්වා දිනවලට අයත් බව කියන අතර එම දිනවල ආසාදිත සංඛ්‍යා ලෙස ඉදිරිපත් කළ සංඛ්‍යාවලට එක දිනකට අලුතින් අසාදිතයින් 500 කට…

හදිසි නීතියේ මුල් ප්‍රතිඵල එයි ! සතොසටත් සහල් නැතිවෙයි !!

හදිසි නීතියේ මුල් ප්‍රතිඵල එයි ! සතොසටත් සහල් නැතිවෙයි !!

හදිසි නීතිය යටතේ ක්‍රියාත්මක කිරීමට උත්සහ දරන පාලන මිල යටතේ විකිණීමට සහල් මිල දී ගැනීම සඳහා සතොස ආයතනය ඉදිරිපත් කළ ටෙන්ඩරයක් අසාර්ථක වී ඇති බවත්, මේ වනවිටත් සතොසේ ඇතැම් සහල් වර්ග තොග අවසන්ව ඇති බවත්, වාර්තා වෙයි. සතොස සඳහා සහල් මෙට්‍රික් ටොන් 4000 ක් මිල දී ගැනීමට කැඳ වූ ටෙන්ඩරය සඳහා මිල ගණන් ඉදිරිපත් කොට…

තර්ජනයට ලක් වූ ඇෆ්ඝන් මාධ්‍යවේදීන්ට පහසුකම් සලසන්න – මාධ්‍ය සංවිධාන එකමුතුව

තර්ජනයට ලක්ව සිටින ඇෆ්ඝන් මාධ්‍යවේදීන් සඳහා ශ්‍රී ලංකාව තුළ ආරක්ෂාව සලසා පහසුකම් සපයන ලෙස මාධ්‍ය සංවිධාන එකමුතුව රජයෙන් ඉල්ලා සිටියි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන විසින් ජනමාධ්‍ය ඇමතිවරයාට සහ විදේශ ඇමතිවරයාට යවන ලද ලිපියේ මෙසේ ද සඳහන් වෙයි. “එසේම මෙය දකුණු ආසියානු කලාපීය සහයෝගීතාව විදහා දැක්වීමට සහ ලෝක ප්‍රජාව හමුවේ, අපේ රට මානව හිමිකම් සහ සරණාගත…