බදුයුදීන්ගේ ජංගම දුරකථනයෙන් හොර සන්බන්ධතා රැසක් මාට්ටු ; බේරගන්න බුද්ධි අංශය මැදිහත් වෙයි !

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා සිටින රිෂාඩ් බදුයුදීන් මන්ත්‍රීවරයා ළඟ තිබී බන්ධනාගාර නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් ජංගම දුරකථනයෙන් රහස් සම්බන්ධතා රැසක් හෙළිදරව් වී ඇති බවත්, එම ශාක්ෂි යට ගැසීම සඳහා අදාළ දුරකථනය රාජ්‍ය බුද්ධි සේවය වෙත පවරාගෙන ඇති බවත්, වාර්තා වෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ දුරකථනය පරීක්ෂාවට ලක් කොට ඇත්තේ රිෂාඩ් බදුයුදීන් මහතාගේ රහස් සම්බන්ධතා සොයා ගැනීම සඳහා ය. ඒ සඳහා එම දුරකථනයට ලැබුණු සහ එයින් ලබාගත් ඇමතුම් සියල්ල පරීක්ෂාවට ලක් කොට තිබේ.

එහි දී හමු වී ඇත්තේ රිෂාඩ් බදියුදීන් මහතා රජයේ ප්‍රබලයින්ට ලබාගත් සහ රජයේ බ්‍රබලයින්ගෙන් ඔහුට ලැබුණු දුරකථන ඇමතුම් පිලිබඳ තොරතුරු ය. ආණ්ඩුවේ සිටින ප්‍රධාන සැලසුම් කරුවකු වන මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඇමතිවරයාගෙන් ලැබුණු ඇමතුම් ගණනාවක් ද ඒ අතර තිබී ඇත.

මෙම තොරතුරු හෙළි වීමත් සමග එම දුරකථනය රාජ්‍ය බුද්ධි සේවාව විසින් රැගෙන ගොස් තිබේ.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ මුස්ලිම් මහජන කොංග්‍රස් මන්ත්‍රීවරුන් පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කළේ ආණ්ඩුවට පක්ෂව ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයේ දී සහ ඉන්පසුව පැවති ඡන්ද විමසීම්වල දී එම ඡන්ද ආණ්ඩුවට ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *