හදිසි නීතිය දාගෙන ඊයේ පොලොන්නරුව මහා මෝල් වටලා ඇල්ලු සහල් තොගය එක වේලක් කන්නත් මදි !

පොළොන්නරුවේ සහල් ව්‍යාපාරිකයින් සතු මහා වී මෝල් සියල්ල වටලා සහල් මෙට්‍රික් ටොන් 1000 කට ආසන්න ප්‍රමාණයක් තමන් භාරයට ගත් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් වරයා කියන අතර මෙම ප්‍රමාණය රටේ එක වේලක සහල් පරිභෝජනයෙන් තුනෙන් එකක් තරම් ප්රමාණයකි.
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සහල් ගබඩා පරීක්ෂා කළ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ,විශ්‍රාමික මේජර් ජෙනරාල් නිවුන්හැල්ල මහතා ඇතුළු කණ්ඩායමක් එම ගබඩාවල තිබු මෙට්‍රික් ටොන් දහසකට ආසන්න සහල් තොගයක් රජයේ භාරයට ගත් බව ඊයේ නිවේදනය කළේ ය.
රජය විසින් පනවනු ලැබු මිල ගණන් වලට වෙළඳපොළට සහල් නිකුත් නොකිරීම හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ප්රමුඛ කණ්ඩායම වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කළේය .

පාලන මිලට වෙළෙඳපොළට සහල් නිකුත් නොකරන මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ සහල් ගබඩා පරීක්ෂාකර, හදිසි නීති රෙගුලාසි යටතේ ඒවා රජයේ භාරයට ගෙන, පාලන මිලට වෙළෙඳපොළට නිකුත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට උපදෙස් දුන් අතර ඒ අනුව මෙම සහල් තොග රජයේ භාරයට ගත් බව වෙළඳ අමාත්‍යංශය සඳහන් කරයි.
සතොස සහ ආහාර දෙපාර්තමේන්තුවේ ලොරි රථ 70ක් පමණ පොලොන්නරුවට රැගෙන ගොස් තිබූ අතර, මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතු ව තිබී රජයේ භාරයට ගත් එම සහල් තොග සතොස හරහා අලෙවි කිරීමට අද පස්වරුවේම කොළඹට රැගෙන එනු ලැබූ බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.
නිපුන,අරලිය,ලත්පඳුර ,නිව්රත්න,හිරු සහ සූරිය යන සහල් මෝල් වල තිබූ සහල් තොග මෙලෙස පවරා ගත් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය සඳහන් කරයි. මෙි අතර නිව් රත්න සහල් මෝල සතුව පැවති තොග පවරා ගැනීමට කටයුතු කිරීමේදී එහි හිමිකාරත්වය සැලසුම් සහගත විරෝධතා මතු කිරීමට කටයුතු කළ බවත් ඔවුන් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ සහායට පාරිභෝගික සේවා අධිකාරියේ සහ සතොස නිලධාරීහු ද පොලීසියද එක් ව සිටියහ .
ඉහත කී වී මෝල් සියල්ලෙන් ඊයේ රජය භාරයට ගෙන ඇති මුළු සහල් තොගය මෙට්‍රික් ටොන් දහසකට අඩු ය. මෙරට සහල් පරිභාජනය දිනකට මෙට්‍රික් ටොන් 7000 පමණ වෙයි. දිනකට වේල් දෙකක් බත් කන්නේ නම් වේලකට ටොන් තුන් දහස් පන් සියයකි. ඒ අනුව ඇල්ලු සහල් තොගය රැලේ වේලක අවශ්‍යතාවයෙන් තුනෙන් එකකි.
පසුගිය මාස් කන්නයේ මෙරට ඇස්තමේන්තුගත වී අස්වැන්න මෙට්රි ටොන් ලක්ෂ 32 කි. එය සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 22 ක් නිපදවිය හැකි ප්රමාණයකි.
රජය කීවේ මෙම සහල් ටොන් ලක්ෂ ගණනක් මෝල් හිමියන් සඟවාගෙන සිටින බවයි.
එසේ කියා කන්දක් විලි ලා අල්ලාගෙන තිබෙන්නේ ටොන් 1000 ක සොච්චමකි.
ඡායාරුප – ලංකාදීප
