මධ්‍යම අධිවේගය නිසා පඬු කරඳ ශාකය වඳ වී යාමෙන් බේරෙයි !

මධ්‍යම අධිවේගී මාර්ගය සැදීමේ දී ඉවත් කිරීමට යාම නිසා එයට එරෙහිව විශාල උද්ඝෝෂණ ඇතිවීමෙන් බේරුණු පඬු කරඳ ශාකය එම උද්ඝෝෂණ නිසා ඇති වූ අවධානය මගින් තව බොහෝ තැන්වලින් සොයා ගැනීම නිසා මෙවර රතු දත්ත පොතේ වඳ වී ගිය ශාක ලැයිස්තුවෙන් එය ඉවත් කොට ඇත.

මෙම ශාකය 2012 රතු දත්ත පොතේ අතුළත් කොට තිබුණේ මෙරටින් වඳ වී ගිය ශාකයක් වශයෙනි.  මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ  දී දාරලුව ප්‍රදේශයෙන් මෙම ශාකය හමු වූ විට පරිසරවේදීන් එය රැක ගැනීමට ඉදිරිපත් වුයේ ඉතිරිව ඇති එක ම  ශාකය එය වශයෙන් හඳුනා ගනිමිනි. කෙසේ වෙතත්, එයින් ඇති වූ අවධානය තුළ තවත් ප්‍රදේශ ගණනාවක මෙම ශාකය ඇති බව හෙළිදරව් වී ය.

ඒ අනුව තහවුරු වී ඇත්තේ මෙම ශාකය වඳ වී ගොස් නැති බව යි.

එම තොරතුරු අනුව පඬු කරඳ ශාකය  රතු දත්ත පොතේ වඳ වී ගිය ශාක ලැයිස්තුවෙන් ඉවත් කොට තර්ජනයට ලක් වූ ශාකයක් ලෙස ඇතුළත් කොට තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *