මගහැරුණු කොවිඩ් ආසාදිතයින් 2950 ක් එකතු කරයි ; අද මරණ 184 යි ; තවත් ආසාදිතයින් 2960 ක්

පසුගිය දිනවල දෛනිකව ඉදිරිපත් කළ කොවිඩ් ආසාදිත සංඛ්‍යාවලට ඇතුළත්වීමට අත පසු වී තිබුණු බව කියන ආසාදිතයින් 2,950 ක් අද දිනයේ සමස්ත ආසාදිත සංඛාවට එකතු කොට ඇත.
මෙම මග හැරුණු රෝගීන් සංඛ්‍යාව සැප්තැම්බර් 1 සිට 5 දක්වා දිනවලට අයත් බව කියන අතර එම දිනවල ආසාදිත සංඛ්‍යා ලෙස ඉදිරිපත් කළ සංඛ්‍යාවලට එක දිනකට අලුතින් අසාදිතයින් 500 කට වැඩි සංඛ්‍යාවක් බැගින් අලුතින් එකතු කොට තිබේ. ඒ අනුව එම සංඛ්‍යා සියල්ල සංශෝධනය විය යුතු බව රජය අද ප්‍රකාශ කළේ ය.
අද දිනයේ අලුතින් හඳුනාගත් බවට නිල වශයෙන් නිවේදනය කළ සංඛ්‍යාව 2,960 කි. ( මෙයට අත පසු වූ සංඛ්‍යාවක් ඉදිරියේ දී එකතු විය හැකි ය)
කෙසේ වෙතත්, මේ වනවිට නිල සංඛ්‍යා අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 471,856 ක් ලෙස සටහන් වෙයි.
අද දිනයේ රජය තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 184 කි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 10,504 ක් වශයෙනි.
