හිතුවක්කාර වැඩට විරෝධය පා විශේෂඥයෝ තිදෙනෙක් කොවිඩ් කමිටුවෙන් ඉවත්වෙති

කොවිඩ් මර්ධනයට පියවර ගැනීමේ දී සෞඛ්‍ය සේවයේ විශේෂඥයින්ගේ උපදෙස් නොතකා රජය හිතුවක්කාර ලෙස ක්‍රියා කිරීමට විරෝධය පාමින්,  කොවිඩ් මර්ධන විශේෂඥ කමිටුවේ සේවය කළ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකකු  එම කමිටුවෙන් ඉල්ලා ඇස වී තිබේ. කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව රජය කරගෙන යන වැඩ වලින් ඇතිවන විනාශයට වග කිව නොහැකි බව කියමින් මොවුන් මෙම ඉවත්වීම සිදුකොට තිබේ.

වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, ජයවර්ධන පුර සරසවියේ මහාචාර්ය නීලිකා මලවිගේ, සහ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහත්වරුන් මෙසේ ඉල්ලා අස් වී තිබේ. මේ තිදෙනා ඉල්ලා අස්වීමට නිශ්චිත හේතු දක්වා නැතත්, රජය විශේෂඥ උපදෙස් නොතකා කටයුතු කිරීම ගැන පොදුවේ විරුද්ධත්වය ප්‍රකාශ කොට ඇත.

මේ අතර,කොවිඩ් මර්දනයට ගත යුතු විධිමත් පියවර කිසිවක් නොගෙන එන්නත් ගැන පමණක් විශ්වාසය තබා හිතු මතේ එන්නත් කිරීම ගැන සෞඛ්‍ය අංශවල විරුද්ධත්වයක් ඇතැයි දැනගන්නට තිබේ.

රට විධිමත් ලෙස වසා තබන ලෙස සෞඛ්‍ය අංශ කියද්දී, නිල වශයෙන් පමණක් ඇඳිරි නීතිය පනවා නිදහසේ එහා මෙහා යාමට ජනතාවට ඉඩ සලසා තිබීම ගැන ද ඇතැම් පාර්ශව විවේචනය කරන බව කියති.

මෙම තත්ත්වය දිගට පැවතිය හොත් කොවිඩ් පාලනය ආසාර්ථක විය හැකි බව සෞඛ්‍ය වෘත්තිය සමිති කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *