ඇල්ලේ හිමි, මුරුත්තෙට්ටුවේ හිමි පොම්පියෝ සම්බන්ධයෙන් ආණ්ඩුවට අනතුරු අඟවති

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ සංචාරය මුල් කරගෙන රට තුළ සහ ජාත්‍යන්තර වශයෙන් ඇතිවී තිබෙන ආන්දෝලනාත්මක තත්වය හමුවේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සහ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ආණ්ඩුවට අනතුරු ඇඟවීමේ ප්‍රකාශ සිදු කර ඇත. මාධ්‍ය හමුවක් පවත්වමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සඳහන් කර ඇත්තේ “ඒ ආපු කිසිම අයෙක් මේ වගේ තර්ජනාත්මක ප්‍රකාශ කරලා…

මොරටුව,පානදුර හා හෝමගමට නිරෝධායන ඇඳිරි නීතිය

මොරටුව,පානදුර උතුර ,පානදුර දකුණ හා හෝමගම යන පොලිස් බල ප්‍රදේශ සඳහා මේ මොහොතේ සිට නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියි නැවත දැනුම් දෙනතුරු මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.

ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළ පොම්පියෝ ශ්‍රී ලංකාවට ගොඩ බසියි

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා මීට සුළු මහොතකට පෙර ශ්‍රී ලංකාවට පැමිණි බව වාර්තා වෙයි. පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවට පැමිණියේ ඉන්දියාවේ සහ මාල දිවයිනේ සංචාරයකින් පසුව ය. ඉන්දියානු සංචාරයේ දී ඔහු ඉන්දියාව සමග ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට අත්සන් කළේ ය. එය ඉන්දියාව සමග මීට පෙර අත්සන් තබා ඇති ගිවිසුම් තුනකින්  පසුව අතසන් කළ හතර වැනි…

MCC ගිවිසුම, SOFA , පොම්පියෝ සමග අත්සන් කරන්නේ නැහැ – ගම්මන්පිල

MCC ගිවිසුම, SOFA , පොම්පියෝ සමග අත්සන් කරන්නේ නැහැ – ගම්මන්පිල

අද මෙරටට පැමිණෙන ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සමග MCC ගිවිසුම හෝ SOFA ගිවිසුම අත්සන් නොකරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා කියන්නේ ඉහත කී ගිවිසුම් අත්සන් කිරීමට පොම්පියෝ මහතාගේ සංචාරයේ දී කිසිදු සැලසුමක් නැති බවයි. මේ අතර නාමල් රාජපක්ෂ ඇමතිවරයා කීවේ ශ්‍රී ලංකාව නොබැඳි රටක් නිසා කවුරුන්…

කොවිඩ් 19 තවත් මරණ දෙකක් වාර්තා වෙයි

මෙරටින් තවත් කොවිඩ් 19  වෛරස් ආසාදිතයින්ගේ මරණ දෙකක් වාර්තා වී ඇත. මෙසේ මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි තරුණයකු සහ 87 හැවිරිදි කාන්තාවකි. ඔවුන් කොළඹ කෙසෙල්වත්ත සහ කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්. මියගිය තරුණයා උපතින් ම ආබාදිත අයෙකු බව ද වාර්තා වෙයි. ඒ අනුව අද (27) දිනයේ මෙරටින් වාර්තා වූ…

ශ්‍රී ලංකාවේ 17 වන කොවිඩ් මරණය ජා ඇලෙන් වාර්තා වෙයි,

මෙරට 17 වන කොවිඩ් 19  මරණය  අද (27) වාර්තා විය. කොවිඩ් ආසාදිතව රෝහල් ගතකර සිටි  ජා-ඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මියගොස් ඇත. 41 ක් හැවිරිදි ඔහු, සිරෝසීස් රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බව ද වාර්තා වෙයි. ඔහු මියගොස් ඇත්තේ අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ය.

අදත් අලුත් කොවිඩ් රෝගීන් 541 ක් ; පොකුර 4942 ක් දක්වා ඉහළ ට

අද දවස තුළ තවත් කොවිඩ් රෝගීන් 541ක් හඳුනාගනු ලැබ ඇත. සවස වන විට 280 වාර්තා වී තිබු අතර රාත්‍රිය වනවිට තවත් 261 ක් වාර්තා  වී ය. ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර රෝගීන්  4942 ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොළඹ , ගම්පහ අධි අවදානම් කලාප නම් කෙරේ

දිවයිනේ දැනට සිදුව ඇති කොවිඩ් ව්‍යාප්තිය සලකා බලා අධි අවදානම් කලාපගණනාවක් නම් කොට තිබේ ඒ දිස්ත්‍රික්ක තුනකට අදාලවයි. එම ප්‍රදේශ පහතින් දැක්වේ. කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය සම්පුර්ණ වශයෙන් ම අධි අවදානම් කලාපයක් ලෙස නම් කොට ඇත. නුගේගොඩ, බත්තරමුල්ල, කොලොන්නාව, කහතුඩුව, මොරටුව, කඩුවෙල කොළඹ දිස්ත්‍රික්කයට අයත් අනෙකුත් අධි  අවදානම් කලාප වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ,රාගම…

රජයෙන් නිරෝධායනය අතහැර දමයි ; ගෙවල්වල සිට නිරෝධායනය වෙන්න කියයි

රජයෙන් නිරෝධායනය අතහැර දමයි ; ගෙවල්වල සිට නිරෝධායනය වෙන්න කියයි

කොවිඩ් රෝගී ආසාදිතයින්ගේ පළමු ස්පර්ශකයින්  නිරෝධායන මධ්‍යස්ථාන කරා  යොමු කිරීම මින් ඉදිරියට නොකරන බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි. මින් ඉදිරයට රෝගීන්ගේ ස්පර්ශකයින්  නිවෙස්වල ම නිරෝධායනය සඳහා යොමුකරන බව ඔහු කියයි. රෝගීයකු අසාධ්‍ය වූ විට පමණක් රෝහලක් වෙත යොමු කෙරෙන ඇත. දිගින් දිගට රෝගීන් හමුවීම හා නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩකඩ සහ කාර්ය මණ්ඩල…

රෙදි නැති කළ විස්ස – අජිත් පැරකුම් ජයසිංහ

රෙදි නැති කළ විස්ස – අජිත් පැරකුම් ජයසිංහ

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෝඨාභයගේ ආණ්ඩුව විසින් කෙසේ හෝ සම්මත කරගන්නා බව අපි දැන සිටියෙමු. බැසිල්ට ඇමරිකානු පුරවැසිකමත් රැකගෙන පාර්ලිමේන්තු එන්නට පුළුවන් සංශෝධනයක් වෙනුවෙන් ඔහු වියදම් නොකර සිටියි ද? එපමණක් නොව, ගෝඨාභය රාජපක්ෂට ද තමන්ගේ දේපල තිබෙන, පුතාගේ රට හා තමන්ගේ සැබෑ මව්රට වන ඇමරිකා එක්සත් ජනපදයේ ද්විත්ව පුරවැසිකම නැවත ලබාගත හැකි ය. අදින් පසු…

කොවිඩ් දෙවැනි රැල්ලේ මුල අහුවෙයි ;ආවේ යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයකින් ; නිරෝධායනය වුණේ සීදූව තරු හෝටලයක

කොවිඩ් දෙවැනි රැල්ලේ මුල අහුවෙයි ;ආවේ යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයකින් ; නිරෝධායනය වුණේ සීදූව තරු හෝටලයක

  මෙරට දෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වූ බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල නිර්මාණය වී ඇත්තේ තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයකින් බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත. මේ සම්බන්ධව බුද්ධි වාර්තාව රාජ්‍ය ඔත්තු සේවා මගින් ජනපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආරක්ෂක මණ්ඩලයට ලබා දී තිබේ. මෙම යුක්ක්‍රේන් කාර්ය මණ්ඩලය මෙරටට පැමිණ ඇත්තේ සැප්තැම්බර් 11 වැනිදාය. එම…

ශ්‍රී ලංකාවේ 16 වැනි කොවිඩ් මරණයත් වාර්තා වෙයි

ශ්‍රී ලංකාව තුළ සිදු වූ 16 වැනි කොවිඩ් මරණය මීට සුළු මොහොතකට පෙර වාර්තා වීය. කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 70 හැවිරිදි අයෙකු මෙලෙස මරණයට පත් ව ඇත.