කොළඹ , ගම්පහ අධි අවදානම් කලාප නම් කෙරේ

දිවයිනේ දැනට සිදුව ඇති කොවිඩ් ව්‍යාප්තිය සලකා බලා අධි අවදානම් කලාපගණනාවක් නම් කොට තිබේ
ඒ දිස්ත්‍රික්ක තුනකට අදාලවයි. එම ප්‍රදේශ පහතින් දැක්වේ.
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය සම්පුර්ණ වශයෙන් ම අධි අවදානම් කලාපයක් ලෙස නම් කොට ඇත.
නුගේගොඩ, බත්තරමුල්ල, කොලොන්නාව, කහතුඩුව, මොරටුව, කඩුවෙල කොළඹ දිස්ත්‍රික්කයට අයත් අනෙකුත් අධි අවදානම් කලාප වෙයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ ,රාගම , මිනුවන්ගොඩ, වත්තල, දිවුලපිටිය, ජාඇල , සීදුව, කටාන, අත්තනගල්ල, වේයන්ගොඩ , කැලණිය ,දොම්පේ, පුගොඩ, මීරිගම , බියගම, මීගමුව, කටුනායක ප්‍රදේශ අධි අවදානම් කලාප ලෙස නම් කොට ඇත.
