රජයෙන් නිරෝධායනය අතහැර දමයි ; ගෙවල්වල සිට නිරෝධායනය වෙන්න කියයි

කොවිඩ් රෝගී ආසාදිතයින්ගේ පළමු ස්පර්ශකයින් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීම මින් ඉදිරියට නොකරන බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
මින් ඉදිරයට රෝගීන්ගේ ස්පර්ශකයින් නිවෙස්වල ම නිරෝධායනය සඳහා යොමුකරන බව ඔහු කියයි. රෝගීයකු අසාධ්‍ය වූ විට පමණක් රෝහලක් වෙත යොමු කෙරෙන ඇත.
දිගින් දිගට රෝගීන් හමුවීම හා නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩකඩ සහ කාර්ය මණ්ඩල සීමා සැලකිල්ලට ගෙන මෙම තිරණය ගෙන ඇති බව කියති.
රෝහල්වල ද ඉඩකඩ සීමා වීම නිසා සාමාන්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන්ද අතර මැදි මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු යොදා ඇත.
