කොවිඩ් 19 තවත් මරණ දෙකක් වාර්තා වෙයි

මෙරටින් තවත් කොවිඩ් 19  වෛරස් ආසාදිතයින්ගේ මරණ දෙකක් වාර්තා වී ඇත.

මෙසේ මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි තරුණයකු සහ 87 හැවිරිදි කාන්තාවකි. ඔවුන් කොළඹ කෙසෙල්වත්ත සහ කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

මියගිය තරුණයා උපතින් ම ආබාදිත අයෙකු බව ද වාර්තා වෙයි.

ඒ අනුව අද (27) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 3ක් වන අතර මෙතෙක් මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *