ඇල්ලේ හිමි, මුරුත්තෙට්ටුවේ හිමි පොම්පියෝ සම්බන්ධයෙන් ආණ්ඩුවට අනතුරු අඟවති

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ සංචාරය මුල් කරගෙන රට තුළ සහ ජාත්‍යන්තර වශයෙන් ඇතිවී තිබෙන ආන්දෝලනාත්මක තත්වය හමුවේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සහ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ආණ්ඩුවට අනතුරු ඇඟවීමේ ප්‍රකාශ සිදු කර ඇත.
මාධ්‍ය හමුවක් පවත්වමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සඳහන් කර ඇත්තේ “ඒ ආපු කිසිම අයෙක් මේ වගේ තර්ජනාත්මක ප්‍රකාශ කරලා ලංකාවට පැමිණියේ නැහැ.” සහ “අද උදේ අපිට ලැබුණු තොරතුරු අනුව ඇමරිකා එක්සත් ජනපදය මෑත යුගයේ අපේ රටේ සම්පත් මංකොල්ල කෑම සඳහා ක්‍රියා කරමින් සිටිනවා.” යනුවෙන් පැවසූහ.
පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ “ලංකාවට කෙල හල හලා ඉඳලා මේව කොහෙන් කෙලවරවෙයිද දන්නේ නැහැ. අපි හදාගත්තු ආණ්ඩුව හිතුවක්කාර වැඩ කරන්නේ නැතුව ජනතාව සමග සාකච්ඡා කරලා තීරණයකට එළඹෙනවානම් ආණ්ඩුවේ සෞඛ්‍ය තත්වයට හොඳයි” යනුවෙන් පැවසූහ.
LANKA TRUTH
