අද ආසාදිතයින් 391 ක් ; කොවිඩ් පොකුර 16,643 යි ; රටේ සමස්තය 20,162 යි

අද දිනයේදී කොරෝනා ආසාදිතයින් 391 දෙනෙකු වාර්තා වන බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ. ඒ අනුව මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුර 16,643 ක් දක්වා වර්ධනය් වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් මේ වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 20,162 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

හාල් මිල ගැසට්ටුව ක්‍රියාත්මක වන්නේ අස්වැන්න කැපුවට පසුවයි – ඇමති බන්දුල ගුණවර්ධන

හාල් මිල ගැසට්ටුව ක්‍රියාත්මක වන්නේ අස්වැන්න කැපුවට පසුවයි – ඇමති බන්දුල ගුණවර්ධන

රජය විසින් නිකුත් කොට ඇති සහල් මිල පාලන ගැසට් පත්‍රයේ ඇති මිලට සහල් මිල දී ගැනීමට ජනතාවට අවස්ථාව ලැබෙන්නේ වී ගොවිතැනේ මීළඟ අස්වැන්න ලැබුණු පසුව බව වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා අද දඹුල්ලේ දී ප්‍රකාශ කොට ඇත.ආණ්ඩුවේ ගැසට් කළ  මිලට සහල් මිල දී ගත නොහැකි බව මාධ්‍යවේදීන් පෙන්වා දුන් විට ඊට පිළිතුරු ලෙස ඇමතිවරයා මේ…

20 ක්‍රියාත්මකයි. ඇමතිවරුන් කිහිපදෙනෙකු යටතේ පැවති ආයතන රැසක් ජනපති යටතට !

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව අමාත්‍යාංශ කිහිපයකට අයත්ව තිබුණු රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමන් යටතට පවරාගෙන තිබේ.2020 නොවැම්බර් 20 වනදා දාතමින් යුත් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් නව අමාත්‍යාංශ දෙකක් නිර්මාණය කරමින් මෙම පවරා ගැනීම සිදුකර ඇත. ආරක්ෂක හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, නිපුණතා සංවර්ධන හා…

ඉන්දු – ශ්‍රී ලංකා සම්බන්ධතාවල රාමුව විය යුත්තේ අන්තර් රඳා පැවැත්ම යි – මහාචාර්ය රොහාන් සමරජීව

ඉන්දු – ශ්‍රී ලංකා සම්බන්ධතාවල රාමුව විය යුත්තේ අන්තර් රඳා පැවැත්ම යි – මහාචාර්ය රොහාන් සමරජීව

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විස්තීර්ණ ආර්ථික සහයෝගිතා ගිවිසුමක් සඳහා වැඩ කටයුතු වසර 18 කට පෙර ආරම්භවීමෙන් පසු කාලයේ දී දෙපාර්ශවයේ ම ආණ්ඩු වෙනස්කම් අවස්ථා ගණනාවක දී සිදු වීය. නියත වූ එක ම දේ නම් ගිවිසුම අවසන් කරගැනීමට නොහැකි වීම යි. මෙම අසාර්ථකත්වය ඉදිරියේ කල යුත්තේ පියවරක් පසුපසට ගෙන ක්‍රමෝපාය සහ උපක්‍රම නැවත සලකා බැලීම…

බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව සහ කොම්පඤ්ඤ වීදිය හෙට උදෑසන සිට හුදෙකලාවෙන් ඉවතට – හමුදාපති
|

බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව සහ කොම්පඤ්ඤ වීදිය හෙට උදෑසන සිට හුදෙකලාවෙන් ඉවතට – හමුදාපති

හෙට උදෑසන 05.00 සිට හුදෙකලා භාවයෙන් ඉවත් කෙරෙන ප්‍රදේශ සහ දිගටම හුදෙකලා භාවය පවත්වාගෙන යන ප්‍රදේශ පිළිබඳ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැහැදිලි කිරීමක් සිදු කළේය.”දැනට කොළඹ දිස්ත්‍රික්කය ගත්තාම හුදෙකලාවට ලක් කරලා තියෙන ප්‍රදේශ අතරින් ප්‍රදේශ 4ක් විශේෂයෙන්ම බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව සහ කොම්පඤ්ඤ වීදිය කියන පොලිස් වසම් හතරේ හුදෙකලා භාවයන් ඉවත් වෙනවා. ඒ වුණත් මේ වනවිටත්…

ඊයේ කොවිඩ් මරණ 9 ක් වාර්තා වෙයි ; 5 ක් කලින් මැරුණු අය බව හමුදාපති කියයි

කොවිඩ් ආසාදිත මරණ 9 ක් ඊයේ දිනයේ වාර්තා වීය. කාන්තාවන් හතර දෙනකු සහ පිරිමි පස් දෙනකු කොවිඩ් ආසාදනයෙන් මියගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රියේ වාර්තා කළේ ය. මෙයින් වයස අවුරුදු 48 ක් වන කාන්තාවක් සහ වයස 57 ක් වන පිරිමි අයෙකු හැරුණු විට අන් සියලු දෙනා  වයස අවුරුදු 65 ඉක්ම වුවෝ වෙති. කෙසේ වෙතත්…

මලික්ගේ සැලැස්මට වැඩකරන්න ආණ්ඩුව තීන්දු කරයි

මලික්ගේ සැලැස්මට වැඩකරන්න ආණ්ඩුව තීන්දු කරයි

පසුගිය රනිල් + මෛත්‍රී ආණ්ඩුවේ ජාත්‍යන්තර වෙළඳ සහ සංවර්ධන උපායමාර්ග අමාත්‍යවරයාව සිටි මලික් සමරවික්‍රම මහතා විසින් සකස් කළ අපනයන උපායමාර්ගික සැලැස්ම එලෙසම ක්‍රියාත්මක කිරීමට වත්මන් ආණ්ඩුව තීන්දු කර ඇත. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම විපක්ෂයේ සිටියදී දැඩිව විවේචනයට ලක් කළ එරාවුර් ආර්ථික කලාපය හම්බන්තොට අපනයන කලාපය සහ මිල්ලනිය ආර්ථික කලාපය ඇතුළු සියලුම සැලසුම්…

අදත් කොවිඩ් ආසාදිතයින් 487 ක් ; පොකුර 16,252 ක් දක්වා ඉහළට

අදත් කොවිඩ් 19 ආසාදිතයින් 487 ක් අලුතින් හඳුනාගත් බව රජය නිවේදනය කරයි . අද සවස් වනවිට 257ක් හඳුනාගෙන තිබු අතර රාත්‍රියේ තවත් 230 හඳුනාගත් බව වාර්තා වීය. ඒ අනුව මිනුවන්ගොඩ – පෑලියගොඩ පොකුර ලෙස හඳුන්වන වත්මන් කොවිඩ් පොකුරේ ආසාදිත සංඛ්‍යාව 16,252ක් දක්වා ඉහළ  ගියේ ය.

මද්‍රසා පාසල්වලටත් අනෙක් පාසල් මෙන්ම ඉගැන්වීමේ නිදහස තිබිය යුතුයි. රජයේ ප්‍රතිපත්තිය එයයි – GL

මද්‍රසා පාසල් වලට ද රටේ සෙසු රජයේ පාසල්, පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල් මෙන්ම අධ්‍යාපනය ලබාදීමේ නිදහස තිබිය යුතුය යන්න රජයේ ස්ථාවරය බව අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පවසයි.”මෙම ප්‍රශ්නය කාවින්ද ජයවර්ධන මැතිතුමා අහන්නෙ මද්‍රසා පාසල් සම්බන්ධ අපේ ස්ථාවරය මොකක්ද කියලා. ඒකට උත්තරය ගරු මන්ත්‍රීතුමා, එක එක පාසල් එහෙම වර්ගීකරණය කරලා ඒවාට එක එක…

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ පාස්කු දා ප්‍රහාරයවීමට පැයකට පෙර මෛත්‍රීට ඈමතුම් තුනක් දීලා – ජනපති කොමිසමේදී හෙළි වෙයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාස්කු දින ප්‍රහාරය සිදුවීමට පැයකට පමණ පෙර අවස්ථා තුනකදී දුරකතනයෙන් කතා කර තිබෙන බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ පෙරේදා (19) අනාවරණ විය. හිටපු ජනාධිපතිවරයා සංගප්පූරුවේ සිටියදී ඔහුගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා හරහා මෙසේ දුරකතනයෙන් සම්බන්ධවී ඇති බවත් පළමු ප්‍රහාරය…

තවත් කොවිඩ් ආසාදිතයින් 435 ක් ; පොකුර 15,765 දක්වා ඉහළට ; මරණ 74 ට නගී

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 435 දෙනෙකු පසුගිය දිනය තුළ වාර්තා වී තිබේ . ඒ අනුව වත්මන් කොවිඩ් පොකුර 15,765 දක්වා ඉහළ  ගොස් ඇත . මේ අතර කොවිඩ් රෝගී මරණ සංඛ්‍යාව 74 දක්වා ඉහළ  ගොස් ඇත . ඊයේ රාත්‍රී වාර්තා වූ හතරදෙනාට අමතරව තවත් මරණයක් කොළඹ නගරයෙන් වාර්තා වී තිබේ. ඊයේ වාර්තා වී  තිබුනේ කොළඹින් මරණ…

ආනයන තහනම තාවකාලිකයි; ඉදිරියේ දී ඉවත් කරනවා – ඇමති දිනේෂ් යුරෝපා සංගම් නියෝජිතයන්ට කියයි

ආනයන තහනම තාවකාලිකයි; ඉදිරියේ දී ඉවත් කරනවා – ඇමති දිනේෂ් යුරෝපා සංගම් නියෝජිතයන්ට කියයි

ශ්‍රී ලංකාව ඇතැම් ආනයන සීමාකිරීමට ගෙන ඇති පියවර තාවකාලික බවත් , එය ඉදිරි කාලයේ දී ඉවත් කරන බවත්, විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට සිටින යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් හමුවේ ප්‍රකාශ කළ බව වාර්තා වෙයි. ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන මාර්ග අවහිර වීමත් ,විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම් අඩුවීම සහ සංචාරක ව්‍යාපාරයේ බිඳවැටීමත්  නිසා රට මුහුණ…