|

බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව සහ කොම්පඤ්ඤ වීදිය හෙට උදෑසන සිට හුදෙකලාවෙන් ඉවතට – හමුදාපති

හෙට උදෑසන 05.00 සිට හුදෙකලා භාවයෙන් ඉවත් කෙරෙන ප්‍රදේශ සහ දිගටම හුදෙකලා භාවය පවත්වාගෙන යන ප්‍රදේශ පිළිබඳ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැහැදිලි කිරීමක් සිදු කළේය.”දැනට කොළඹ දිස්ත්‍රික්කය ගත්තාම හුදෙකලාවට ලක් කරලා තියෙන ප්‍රදේශ අතරින් ප්‍රදේශ 4ක් විශේෂයෙන්ම බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව සහ කොම්පඤ්ඤ වීදිය කියන පොලිස් වසම් හතරේ හුදෙකලා භාවයන් ඉවත් වෙනවා. ඒ වුණත් මේ වනවිටත් හුදෙකලාවට ලක් කරලා තිබෙන මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, වරාය ප්‍රදේශය, ආදුරුප්පු වීදිය, ඩෑම් ස්ට්‍රීට්, පිටකොටුව, කෙසෙල්වත්ත, මාලිගාවත්ත, දෙමටගොඩ සහ මරදාන කියන පොලිස් වසම් 13ක් තවදුරටත් හුදෙකලාවට ලක් කිරීමට කටයුතු කරලා තිබෙනවා හෙට උදෑසන 05.00 සිට.

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කය තුළ පොලිස් වසම් 17ක් හුදෙකලා කරලා තියෙනවා දැනට. එයින් 4ක් පමණයි හෙට ඉවත් වෙන්නෙ.

ඊට අමතරව මේ කොම්පඤ්ඤ වීදියේ පිහිටි වෑකන්ද කියන ග්‍රාම නිලධාරී වසමත්, බොරැල්ලේ පිහිටි වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසමත් තවදුරටත් හුදෙකලාවට ලක්කිරීමට කටයුතු කරලා තිබෙනවා. ඒ කොළඹ දිස්ත්‍රික්කය ගත්තාම.

ගම්පහ දිස්ත්‍රික්කය ගත්තාම එහි පොලිස් වසම් අතරින් ජා ඇල සහ කඩවත තියෙන හුදෙකලා භාවය ඉවත් කරනු ලබනවා. නමුත් මීගමුව, වත්තල, පෑලියගොඩ, කැළණිය සහ රාගම කියන පොලිස් වසම් 5 තවදුරටත් හුදෙකලාවට ලක් කෙරෙනවා.

ඒත් එක්කම ඊයෙ දවසේ විශාල කතාබහකට ලක් වුණා මේ අටළුගම ප්‍රදේශය. අටළුගම පොලිස් බලප්‍රදේශය හුදෙකලාවට ලක් කරලා නෑ, නමුත් ඒ තුළ පිහිටි බෝගහවත්ත, බමුණුමුල්ල මුස්ලිම් ප්‍රදේශය, කිරිමන්තුඩාව, හෝරාවල, අටළුගම බටහිර, බමුණුමුල්ල සහ ගලහමණ්ඩිය කියන ග්‍රාම නිලධාරී වසම් 7 පමණක් හුදෙකලා කිරීමට කටයුතු කරනවා වහාම ක්‍රියාත්මක වන පරිදි” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

හමුදාපතිවරයා මේ බව පැවසුවේ අද (22) උදෑසන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් සමග දුරකථනයෙන් සම්බන්ධ වෙමිනි.

LANKANEWSWEB

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *