ඊයේ කොවිඩ් මරණ 9 ක් වාර්තා වෙයි ; 5 ක් කලින් මැරුණු අය බව හමුදාපති කියයි

කොවිඩ් ආසාදිත මරණ 9 ක් ඊයේ දිනයේ වාර්තා වීය. කාන්තාවන් හතර දෙනකු සහ පිරිමි පස් දෙනකු කොවිඩ් ආසාදනයෙන් මියගිය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රියේ වාර්තා කළේ ය.

මෙයින් වයස අවුරුදු 48 ක් වන කාන්තාවක් සහ වයස 57 ක් වන පිරිමි අයෙකු හැරුණු විට අන් සියලු දෙනා  වයස අවුරුදු 65 ඉක්ම වුවෝ වෙති.

කෙසේ වෙතත් , හමුදාපති ලුතිනන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ ඊයේ නිවේදනය කළ මරණ 9න් 5ක් ඊට පෙර දින දෙකේ මියගිය අයගේ බව යි. මරණ පරීක්ෂණ ප්‍රමාද වීම නිසා එම මරණ ගැන නිවේදනය කිරීම ප්‍රමාද වූ බව හමුදාපතිවරයා කියයි.

කෙසේ වෙතත් , ඊයේ දිනයේ අලුතින් ආසාදිතයින් 487ක් වාර්තා වී ය. අසාදිතයින් වාර්තා වීමේ අඩුවක් නොමැති වීමත් , දිනපතා මරණ කිහිපයක් වාර්තා වීමත් දිගට ම සිදුවෙමින් පවතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *