මලික්ගේ සැලැස්මට වැඩකරන්න ආණ්ඩුව තීන්දු කරයි

පසුගිය රනිල් + මෛත්‍රී ආණ්ඩුවේ ජාත්‍යන්තර වෙළඳ සහ සංවර්ධන උපායමාර්ග අමාත්‍යවරයාව සිටි මලික් සමරවික්‍රම මහතා විසින් සකස් කළ අපනයන උපායමාර්ගික සැලැස්ම එලෙසම ක්‍රියාත්මක කිරීමට වත්මන් ආණ්ඩුව තීන්දු කර ඇත.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම විපක්ෂයේ සිටියදී දැඩිව විවේචනයට ලක් කළ එරාවුර් ආර්ථික කලාපය හම්බන්තොට අපනයන කලාපය සහ මිල්ලනිය ආර්ථික කලාපය ඇතුළු සියලුම සැලසුම් ක්‍රියාත්මක කෙරෙනු ඇත.

එසේම පසුගිය කාලයේ දැඩි විරෝධතා එල්ලවුණු නිදහස් වෙළඳ ගිවිසුම් රාශියක් සඳහා යළි සාකච්ඡා ආරම්භ කිරීමටද ආණ්ඩුව තීරණය කර ඇත. මෙසේ සාකච්ඡාවට බඳුන්වන ද්විපාර්ශ්වික ගිවිසුම් අතර ජපානය, දකුණු කොරියාව, යුරෝපා සංගමය, මහා බ්‍රිතාන්‍යය, චීනය, ඉන්දියාව වැනි රටවල් සහ කලාපයන් වේ.

ලංකාව ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම්වලට ඇතුළත්වීමට පෙර නිශ්චිත ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව රජයේ වෙද්‍යෙ නිලධාරීන්ගේ සංගමසය පසුගිය කාලයේ දිගින් දිගටම එවකට පැවති ආණ්ඩුවට කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *