හාල් මිල ගැසට්ටුව ක්‍රියාත්මක වන්නේ අස්වැන්න කැපුවට පසුවයි – ඇමති බන්දුල ගුණවර්ධන

රජය විසින් නිකුත් කොට ඇති සහල් මිල පාලන ගැසට් පත්‍රයේ ඇති මිලට සහල් මිල දී ගැනීමට ජනතාවට අවස්ථාව ලැබෙන්නේ වී ගොවිතැනේ මීළඟ අස්වැන්න ලැබුණු පසුව බව වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා අද දඹුල්ලේ දී ප්‍රකාශ කොට ඇත.ආණ්ඩුවේ ගැසට් කළ මිලට සහල් මිල දී ගත නොහැකි බව මාධ්‍යවේදීන් පෙන්වා දුන් විට ඊට පිළිතුරු ලෙස ඇමතිවරයා මේ බව කියා තිබේ.
පසුගිය රජයේ ඇමතිවරයකු වූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ආරම්භ කළ උෂ්ණත්ව පාලන හා ශීතාගාර මධ්‍යස්ථානයක ඉදිකිරීම් නිරෙක්ෂණයට දඹුල්ලේ කළ නිරීක්ෂණ චාරිකාවක් අවස්ථාවේ ඇමතිවරයා මෙම ප්‍රකාශය සිදුකොට තිබේ.
පසුගිය රජයේ ඇමති හර්ෂ ද සිල්වා මහතා ආරම්භ කළ මෙම එළවළු කල්තබා ගැනීමේ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් නවතා ඇති බවට අසත්‍ය ප්‍රචාරයක් ගිය ද එම කාර්ය ය මෙම රජය හොඳින් ඉදිරියට ගෙනයන බව ද , ඇමතිවරයා මෙහි දී පවසා තිබේ . ලබන අප්‍රේල් මාසයට පෙර එය විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ද , ඇමතිවරයා කීය.
සහල් පාලන මිලට ලැබෙන්නේ අස්වනු කැපුණු පසුව බව ඇමතිවරයා කීව ද , මේ වන විට මාස් කන්නයේ වගාව පවතින්නේ ආරම්භක අවස්ථාවේ ය. ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට තාමත් වගාව ආරම්භ කිරීම සඳහා ජලය පවා ලැබී නැත. මෙම කන්නයේ අස්වනු නෙලනු ලබන්නේ පෙබරවාරි – මාර්තු මාසවල දී ය.
ගැසට් කළ මිලට සහල් කන්න පාරිභෝගිකයා මාස තුනක් බලා සිටිය යුතුව තිබේ !
