මහජන උපයෝගිත කොමිසම අහෝසි කිරීම අවුල් ජාලයක් වෙයි – කොමිසම නැතිව කිසිවක් කරන්න බෑ !

මහජන උපයෝගිත කොමිසම අහෝසි කිරීම අවුල් ජාලයක් වෙයි – කොමිසම නැතිව කිසිවක් කරන්න බෑ !

පාර්ලිමේන්තුවේ පනතකින් නීතිය වෙනස් නොකර හිතුවක්කාර ලෙස මහජන උපයෝගිත කොමිසම අහෝසි කරන්නට යෑමෙන් අලුත් ප්‍රශ්න රාශියක් නිර්මාණය වන බවත් , විදුලිබල ක්ෂේත්‍රයේ අලුත් සංවර්ධන වැඩ කිසිවක් කළ නොහැකි තත්ත්වයක් උද්ගත වන බවත් ක්ෂේත්‍රයේ තතු දත් අංශවලින් ‘යුක්තිය’ට දැනගන්නට ලැබී ඇත. එයට හේතු වී ඇත්තේ , කලින් ලංකා විදුලිබල මණ්ඩලයට තිබු බලතල සීමා කොට ඉන් වැදගත්…

මැ. කො. හිටපු සභාපති මහින්ද දේශප්‍රියට අලුත් සභාපති තනතුරක්

මැ. කො. හිටපු සභාපති මහින්ද දේශප්‍රියට අලුත් සභාපති තනතුරක්

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සීමා නිර්ණය කොමිසමේ සභාපති ලෙස පත්කර තිබේ. ඒ මහතාගේ මැතිවරණ කොමිසන් සභා තනතුරේ නිල කාලය පසුගිය නොවැම්බර් 13 දායින් අවසන් වීය. මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතීත්වයෙන් යුත් සීමා නිර්ණය කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන්ලෙස පත්කොට ඇත්තේ  ජයලත් රවී දිසානායක සහ පී.එච්.ජී. ප්‍රේමසිරි යන මහත්වරුන්ය.

අද තවත් කොවිඩ් 19 ආසාදිතයින් 538 ක් ; විදේශයෙන් 69 ක් ඇවිත්

අද තවත් කොවිඩ් 19 ආසාදිතයින් 538 ක් ; විදේශයෙන් 69 ක් ඇවිත්

අද දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 538 වාර්තා වී ඇත. මෙරට ආසාදිතයින් 300ක් සහ 169 ක් ලෙස 469 ක් අවස්ථා දෙකක දී වාර්තා වී ය. විදේශවල සිට පැමිණි 69 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනාගනු ලැබූ බව මීට සුළු මොහොතකට පෙර වාර්තා වී ය. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 538 කි. ඒ සමග…

අදත් (10 දා ) කොවිඩ් මරණ දෙකයි ; එකතුව 146 යි

කොවිඩ් ආසාදිත මරණ දෙකක් අද දිනයේ දී වාර්තා වූ බවර්ජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය  කරයි. මෙසේ මියගොස් ඇත්තේ කොළඹ 2 පදිංචි කාන්තාවක් සහ  වැලිගම පදිංචි, මැද පෙරදිග සිට පැමිණි කාන්තාවකි. මරණ දෙක ම සිදු වී ඇත්තේ හෝමාගම රෝහලේ දී ය. මෙම මරණ දෙකත් සමග මෙරට දී මියගිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 146 ක් බවට පත්වෙයි.

අද දෙකක් සමග කොවිඩ් මරණ 144 කට නගී

අද දිනයේ කොවිඩ් මරණ දෙකක් ගැන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කළේ ය. ඒ සමග මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 144 දක්වා ඉහළ  ගියේ ය. අද වාර්තා වුයේ ලේඩි රිජ්වේ රෝහලේ දී මියගිය දින 20 ක ළදරුවාගේ මරණය සහ කොළඹින් වාර්තා වූ තවත් එක්  මරණයකි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වැඩ සටහනකට යාම ප්‍රමාද කළොත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය තව පහත වැටීම වළකන්න බෑ – ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර් විශ්ලේෂකයෙක් කියයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වැඩ සටහනකට යාම ප්‍රමාද කළොත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය තව පහත වැටීම වළකන්න බෑ – ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර් විශ්ලේෂකයෙක් කියයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග  වැඩ සටහනකට යෑම තව දුරටත් ප්‍රමාද කළ හොත් ශ්‍රී ලංකා රජයේ ණය ශ්‍රේණිය තව දුරටත් පහත වැටීම නැවැත්විය නොහැකි වනු ඇති බව , ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් විශ්ලේෂකයකු ප්‍රකාශ කොට ඇත. මෑත කාලීනව ආර්ථික වර්ධනය අඩාල වී තිබීමත් , කොරෝනා වසන්ගතයත් නිසා රටේ රාජ්‍ය මුදල් තත්ත්වය…

මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 30,000 පනී ; අද අලුතින් එකතුව 694 යි

මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 30,000 පනී ; අද අලුතින් එකතුව 694 යි

අද දිනයේ කොවිඩ් 19 ආසාදිතයින් 694 දෙනකු වාර්තා වීමත් සමග මෙරටින් හමු වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 30,000 සීමාව ද ඉක්මවා ගියේ ය. එය දැන් සටහන් වන්නේ 30,071 ක් වශයෙනි. අද දිනයේ ආසාදිතයින් 359 ක් සහ 335 ක් ලෙස අවස්ථා දෙකක දී 694 ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කලේ ය. වත්මන් කොවිඩ් පොකුරේ…

එජාප ඉදිරිමග පිලිබඳ සාකච්ඡාවක් රනිල්ගේ ප්‍රධානත්වයෙන් වජිරගේ නිවසේ දී

එජාප ඉදිරිමග පිලිබඳ සාකච්ඡාවක් රනිල්ගේ ප්‍රධානත්වයෙන් වජිරගේ නිවසේ දී

  2020 දෙසැම්බර් 08 වන අඟහරුවාදා සවස හිටපු අග්‍රාමාත්‍ය එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ 2021 වර්ෂයේ වැඩ පිළිවෙළ පිළිබඳ සාකච්ඡාවක් හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ කොළඹ නිවසේදී පවත්වනු ලැබු බව වජිර අබේවර්ධන මහතාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.. පසුගිය කාල සීමාව තුළ රුවන් විජේවර්ධන මහතා නියෝජ්‍ය නායක වූ පසු පක්ෂයේ වැඩ කටයුතු වලට…

ෆිච්ට් රේටින් ලංකා බැංකුවෙත් ණය ශ්‍රේණිය පහත හෙළයි

ලංකා බැංකුවට ලබා දී තිබු ණය ශ්‍රේණිය ද පහත හෙළන බව ෆිච්ට් රේටින් ආයතනය නිවේදනය කොට ඇත. ඒ අනුව B – ලෙස පැවතී ණය ශ්‍රේණිය CCC දක්වා පහත හෙළා ඇත. මෙම ණය ශ්‍රේණිය දක්වා පහත හෙළු විට එම රජය හෝ ආයතනය සම්බන්ධයෙන් අනාගත පුරෝකතනයක් ද සිදු කරනු නොලබයි. ශ්‍රී ලංකා රජයේ ණය ශ්‍රේණිය ද පහත…

මෙගාවොට් 100 ක් විලි ලා 30 ක් වැදු මන්නාරමේ සුළං විදුලි බලාගාරය

ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 100ක් එකතු කරන බව කියමින් ඊයේ විවෘත කළ මන්නාරම සුළං විදුලි බලාගාරයේ මේ වනවිට ඇත්තේ මෙගාවොට් 30 ක ධාරිතාවක් පමණක් බව විදුලි බල ක්ෂේත්‍රයේ තතුදත් ආරංචි මාර්ග කියයි. බලාගාරය මෙලෙස විවෘත කොට ඇත්තේ ඉදිකිරීම් කටයුතු අවසන් නොකර බොහෝ කටයුතු අතර මග කෙරෙමින් පවතිද්දී ය. මෙම සුළං බලාගාර ව්‍යාපෘතිය එකක් 3.45MW…

ඇමතිවරුන් පරදා පී.බී. ජයගනී. මහජන උපයෝගීතා කොමිසමේ සියලු සාමාජිකයෝ ඉල්ලා අස්වෙති

මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රධානතම නියාමන ආයතනය වන මහජන උපයෝගීතා කොමිසමේ සියලුම සාමාජිකයින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.එම කොමිසමේ සාමාජික, මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේ තමන් ඇතුළු සාමාජිකයින් පස්දෙනාම සිය ඉල්ලා අස්වීමේ ලිපි ඊයේ (08) මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත බාරදුන් බවයි.මහජන උපයෝගීතා කොමිසම වසා දමන ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පසුගිය දෙසැම්බර් 01…

කොවිඩ් පොකුරට අදත් 797ක් එක්වෙති ; පොකුර 25,882 යි. සමස්තය 29,377 යි

කොවිඩ් පොකුරට අදත් 797ක් එක්වෙති ; පොකුර 25,882 යි. සමස්තය 29,377 යි

කොවිඩ් 19 ආසාදිතයින් 797 දෙනකු අද දිනයේ දී හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි. මෙයින් 567 ක් මිනුවන්ගොඩ පැලියගොඩ පොකුරට සම්බන්ධ බවත් , 230 ක් බන්ධනාගාර පොකුරට සම්බන්ධ බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් කියයි. ඒ අනුව වත්මන් කොවිඩ් රැල්ලේ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 25,882 ක් බවත් මෙරටින් මෙතෙක් හඳුනාගත්  සමස්තය 29,377ක් බවත්…