ජපන් ආධාර එපා කියූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති වෙන අය සමග කරන්න කැබිනට් අනුමැතිය

වියදම් වැඩි බව කියමින් හදිසියේ නවතා දමන ලද, ජපානයේ සහන ණය යටතේ කරන්නට සැලසුම් කොට තිබු කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘති වෙනත් පාර්ශවයන් සමග ගිවිසුම් ගත වී ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ සැහැල්ලු දුම්රිය මාර්ග හතරක් ඉදි කිරීමට නියමිතව ඇත. කණු මතින් දුවන සැහැල්ලු දුම්රිය වන මෙම මාර්ග ඉදි කිරීමට යන්නේ…

කොවිඩ් ආසාදිතයින්ගේ අඩුවක් ; ඊයේ 139 යි ; සමස්තය 92,442 යි

කොවිඩ් ආසාදිත රෝගීන්ගේ අඩුවක් පෙන්නුම් කරමින් ඊයේ වාර්තා වී ඇත්තේ රෝගීන් 139 ක් පමණකි. එයින් වත්මන් කොවිඩ් පොකුරට සම්බන්ධ ලෙස රට තුළින් සොයාගත් ආසාදිතයින් සංඛ්‍යාව 118 කි. මෙරට දී හමු වු සමස්ත ආසාදිත සංඛ්‍යාව මේ වනවිට වාර්තා වන්නේ 92,442 ක් වශයෙනි. වත්මන් කොවිඩ් ත්‍රිත්ව පොකුරේ ආසාදිත සංඛ්‍යාව ගණන් බල ඇත්තේ 87,717 ක් වශයෙනි. ඊයේ දිනය…

වී මෙට්‍රික් ටොන් තිස් ලක්ෂයක් හැංගුවේ කවුද ? – බලධාරීන්ට ප්‍රශ්නයක්

මෙම මාස් කන්නයේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ තිස් දෙකක් පමණ වනු ඇතැයි රජය නිල වශයෙන් ගණන් බලා ඇති අතර එම වී ප්‍රමාණය වෙළෙඳපොළට නොලැබී විශාල සහල් හිගයක් නිර්මානය වුයේ කෙසේදැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ මෙන් ම වෙළෙඳ අමාත්‍යංශයේ ද බලධාරීන් ට ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙයි. මෙම සහල් අස්වැන්න වෙළෙඳපොළට ලැබුනේ නම් රටේ මාස දහයක…

චීන ක්‍රමවේදය කියන්නේ ලොක්කාව සල්ලිවලට ගන්නවා, පොඩ්ඩො ටික නිකම්ම යනවා – නැදලගමුවේ හිමි

  අල්ලසින් හා දූෂණයෙන් පාලකයින් සහ වෘත්තීයවේදීන් නම්මාගෙන වෙනත් රටවල් සූරාකෑම චීනයේ ක්‍රමවේදය බව මහාචාර්ය නැදලගමුවේ ධම්මදින්න හිමියන් පවසයි. “චීනෙ ක්‍රමවේදය තමයි ලොක්කා සල්ලිවලට ගන්නවා. එතකොට පොඩ්ඩො නිකම්ම එනවා. ඕක තමයි ක්‍රමවේදය. දැන් ඔබට මොනවාහරි දෙයක් කරගන්න ඕනෙ නම් අත යටින් අත උඩින් කොහොමහරි ගනුදෙනුව කරගත්තාම වැඩේ තමන්ගෙ අතට එනවා. ඒ විදියට තමයි ක්‍රමවේදය යන්නෙ….

පළාත් සභා ඡන්දය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයකට

  පළාත් සභා මැතිවරණය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයට පැවැත්වීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව පළවී ඇතැයි වාර්තා වේ. කොට්ඨාස ක්‍රමයට සියයට හැත්තෑවක් ද ,අනුපාත ක්‍රමයට සියයට තිහක් ද තෝරා පත් කර ගැනීමට යෝජනා වී ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති කැබිනට් රුස්වීමේදී මෙම එකඟතාව පළවී තිබේ. එසේ වුවද මිශ්‍ර ක්‍රමයට පළාත් සභා ඡන්දය…

ජනාධිපති ගොටාභය චීන ජනාධිපති අමතා තුති පුදයි

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා අද සවස චීන ජනාධිපති ලී ෂින් පින් මහතා අමතා ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයේ ඡන්දයේ දී ශ්‍රී ලංකාවට දුන් සහයෝගයට ස්තුති කළ බව වාර්තා වෙයි. එම සහය ශ්‍රී ලංකාවට දිගට ම ලබාදෙන බව චීන ජනාධිපතිවරයා මෙහි දී පොරොන්දු වී තිබේ. චීනය ශ්‍රී ලංකාවට ලබාදුන් ඩොලර් බිලියනයකට සමාන ණය මුදල සම්බන්ධයෙන් ද…

තවත් කොවිඩ් ආසාදිතයින් 166ක් වාර්තා වෙයි ; සමස්තය 92,303 ක්

අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 166 කි. ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වූ සමස්ත අසාදිත සංඛ්‍යාව 92,303 ක් ලෙස වාර්තා වෙයි. වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 87,599 ක් ලෙස ගණන් බලා තිබේ.

තවත් කොවිඩ් මරණ පහක් වාර්තා වෙයි ; එකතුව 566 ට නගී

කොවිඩ් 19 ආසාදිත මරණ පහක් අද දිනයේ ද වාර්තා වී ඇත. ඒ අනුව මෙරට සිදු වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන වාර්තා වන්නේ 566 ක් වශයෙනි . අද දිනයේ කොවිඩ් මරණ වාර්තා වී ඇත්තේ ඇතුල්කෝට්ටේ, කඳාන , කොළඹ 15, දකුණු කළුතර සහ කොළඹ 13 ප්‍රදේශවලිනි.

රුපියල පහලටම බසී ; ඉතිහාසයේ අඩු ම අගය අද

රුපියලේ අගය පහල යාම තව දුරටත් සිදුවෙමින් අද එය ඩොලරයකට රුපියල් 201.77 ක් දක්වා පහත වැටුණු බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා තහවුරු කරයි. අද වාර්තා කොට ඇත්තේ රුපියල ඉතිහාසයේ වාර්තා කළ අඩු ම අගය යි. මීට පෙර වාර්තා වී තිබු අඩු ම අගය මාර්තු 17 ද වාර්තා වී ඇත්තේ ඩොලරයකට රුපියල් 201.75 ක් වශයෙනි….

අදත් අලුතින් ආසාදිතයින් 237 ක් ; සමස්තය 92,076 ක් වෙයි

අද දිනයේ ද කොවිඩ් 19 ආසාදිතයින් 237 දෙනෙකු අලුතින් හඳුනාගනු ලැබ ඇති බව වාර්තා වෙයි. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින්ගේ සමස්ත සංඛ්‍යාව 92,076 ක් ලෙස වාර්තා වෙයි . වත්මන් කොවිඩ් පොකුරේ ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ 87,433 ක් වශයෙනි.

අද තවත් කොවිඩ් මරණ දෙකක් ; එකතුව 561 ක් වෙයි.

කොවිඩ් 19 ආසාදනය නිසා සිදු වූ මරණ දෙකක් අද දිනයේ ද වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 561 කි . අද දිනයේ මරණ වාර්තා වී ඇත්තේ කොළඹ 15 සහ මාවනැල්ල ප්‍රදේශ වලිනි.

ජිනීවා නුවර දී ආණ්ඩුව කොටි හිතවාදීන් සමග ගිවිසුමක !

ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධ ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා රජයට පක්ෂව ඡන්දය ලබාගැනීම සඳහා යුද්ධය පැවතී සමයේ අවසානය දක්වා එල් ටී ටී ඊ සංවිධානයට ආධාර කළ සහ පහසුකම් සැපයු රටක් ලෙස ප්‍රකට එරිත්‍රියාව සමග ගිවිසුම් ගතව ක්‍රියාකොට ඇති බව වාර්තා වෙයි. ඒ අනුව එරිත්‍රියාව සම්බන්ධ මානව හිමිකම් කවුන්සිලයේ ඡන්දයේ දී ශ්‍රී…