ජනාධිපති ගොටාභය චීන ජනාධිපති අමතා තුති පුදයි

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා අද සවස චීන ජනාධිපති ලී ෂින් පින් මහතා අමතා ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයේ ඡන්දයේ දී ශ්‍රී ලංකාවට දුන් සහයෝගයට ස්තුති කළ බව වාර්තා වෙයි.
එම සහය ශ්‍රී ලංකාවට දිගට ම ලබාදෙන බව චීන ජනාධිපතිවරයා මෙහි දී පොරොන්දු වී තිබේ.
චීනය ශ්‍රී ලංකාවට ලබාදුන් ඩොලර් බිලියනයකට සමාන ණය මුදල සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා සිය ස්තුතිය පල කොට තිබේ.
ශ්‍රී ලංකාවේ චීන ව්‍යාපෘති කඩිනම් කිරීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා වී ඇත.
