ජිනීවා නුවර දී ආණ්ඩුව කොටි හිතවාදීන් සමග ගිවිසුමක !

ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධ ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා රජයට පක්ෂව ඡන්දය ලබාගැනීම සඳහා යුද්ධය පැවතී සමයේ අවසානය දක්වා එල් ටී ටී ඊ සංවිධානයට ආධාර කළ සහ පහසුකම් සැපයු රටක් ලෙස ප්‍රකට එරිත්‍රියාව සමග ගිවිසුම් ගතව ක්‍රියාකොට ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව එරිත්‍රියාව සම්බන්ධ මානව හිමිකම් කවුන්සිලයේ ඡන්දයේ දී ශ්‍රී ලංකාව එරට ආණ්ඩුවට පක්ෂව කරුණු දක්වා පෙනී සිට  ඇති අතර ශ්‍රී ලංකාව සන්බන්ධ යෝජනාවේ දී එරිතියාව එම යෝජනාවට එරෙහිව මෙරට රජයට පක්ෂව ඡන්දය දී තිබේ.

එරිත්‍රියාව එල් ටී ටී ඊ සංවිධානය ආයුධ ගෙන්වීම සඳහා මධ්‍යස්ථානයක් ලෙස භාවිත කළේ ය. ශ්‍රී ලංකාව සමග ඍජු තානාපති සබඳතා පැවැත්වීම ද එ රට  ප්‍රතික්ෂේප කොට තිබේ.

යුද්ධයේ අවසානයේ ප්‍රභාකරන් ඇතුළු පිරිස ජාත්‍යන්තර මැදිහත්වීමකින් රැගෙන ගියහොත් ඔවුන් භාරගැනීමට ද එරිත්‍රියාව  සුදානමින් සිටි බව ද කියති.

එරිත්‍රියාව ද මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ චෝදනාවන්ට ලක් වී ඇති රටකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *