පළාත් සභා ක්‍රමයට විරුද්ධ නම් අපිත් එක්ක ඡන්දෙට නෑවිත් ඉන්න – පොහොට්ටුව විමල් පිලට කියයි

පළාත් සභා ක්‍රමයට විරුද්ධ හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව තරග කිරීමට අකමැති ආණ්ඩුවේ කවුරුන් හෝ සිටින්නේ නම් ඔවුන්ට ඉදිරි පළාත් සභා මැතිවරණයේදී කැමති තීරණයක් ගතහැකි බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පවසයි. “පැහැදිලිවම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මීට පෙරත් කිව්වා පළාත් සභා මැතිවරණය ඉතා ඉක්මනින් තියන්න ඕනෙ කියන එක තමයි අපේ මතය. ඒ…

අසාද් සාලි කොළඹ දී කී කතාව ම ශ්‍රී ලංකා නියෝජිත ජිනීවා මානව හිමිකම් සමුළුවට කියලා ; සාලිට දාපු ලෙඩෙන් නිත්‍ය නියෝජිතයාත් අමාරුවේ

මෙරට සුළුතර ජාතීන්ගේ අයිතීන් ගැන බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා කොළඹ දී  කියූ කතාවට සමාන කතාවක් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සමුළුවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සී ඒ චන්ද්‍රප්‍රේම මහතා මානව හිමිකම් සමුළුව අමතා ප්‍රකාශ කොට ඇති බවත් , අසාද් සාලිට එරෙහිව පියවර ගැනීමත් සමග නිත්‍ය නියෝජිතයාගේ කතාව ද හැල්ලු වී ඔහු අපහසුතාවයට පත්ව ඇති…

අද අලුත් ආසාදිතයින් 248 ක්; සමස්තය 88,130 යි

අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 248 ක් අලුතින් හඳුනාගත් බව රජය නිවේදනය කරයි. ඒ අනුව මෙරටින් මෙතෙක් හමු වූ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 88,130 ක් ලෙස සටහන් වෙයි. වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 83,746 ක් ලෙස සටහන් වී තිබේ.

තවත් කොවිඩ් මරණ පහක් වාර්තා වෙයි ; එකතුව 532 යි

කොවිඩ් 19 ආසාදනය නිසා සිදු වූ මරණ පහක් අද දිනයේ ද වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 532 කි. අද දිනයේ මරණ වාර්තා වී ඇත්තේ යාපනය, ගම්පහ, කොච්චිකඩේ, පමුණුගම, සහ කළුතර ප්‍රදේශවලිනි.

සජබ ජනාධිපතිවරණ අපේක්ෂකයා පොදු අපේක්ෂකයකු නොවේ – සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ සංවත්සර සමුළුව අමතමින් කියයි

මීළඟ ජනාධිපතිවරණයේ සමගි ජන බලවේගයේ අපේක්ෂකයා පොදු අපේක්ෂකයකු නොවන බව සජබ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පවතී පක්ෂ සංවත්සර සමුළුව අමතමින් ප්‍රකාශ කළේ ය. 2025 වනවිට මේ රටේ පොදුජන ආණ්ඩුවක් පිහිටුවීඒමට කැපවන බව ද ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය. සමගි ජන බලවේගයේ සංවත්සර සමුළුව කොළඹ හයිඩ් පිටියේ දී අද සවස පවත්වනු ලැබී…

දාහට එරෙහිව වතු සමාගම් 20 අභියාචනාධිකරණයට

  තේ  සහ රබර් වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1000 ක් බවට ප්‍රකාශයට පත් කරමින් රජය මගින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලශුන්‍ය කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වතු සමාගම් 20 ක් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර ඇත. අගාරපතන වැවිලි සමාගම , ඇල්පිටිය වැවිලි සමාගම ඇතුළු 20 දෙනෙක් විසින් ගොනු කර ඇති…

ජිනීවා යෝජනාවේ බලපෑම අපනයන වෙළෙඳ පොළට යි – ආචාර්ය නිමල් සඳරතන

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් කොට ඇති යෝජනාව සම්මත වුවහොත් ශ්‍රී  ලංකාවට බලපෑම සිදුවිය හැක්කේ අපනයන වෙළෙඳපොළේ  දී බව ප්‍රකට ආර්ථික විද්‍යාඥ ආචාර්ය නිමල් සදරත්න මහතා කියයි. මෙම යෝජනාවේ ප්‍රතිපාදන ක්‍රියාවට නැගීම සඳහා එක් එක් රටවල් වෙන වෙනම ක්‍රියාත්මක විය හැකි බවත් , ඇමෙරිකාව, කැනඩාව, බ්‍රිතාන්‍යය , යුරෝපා සංගමය සහ ජර්මනිය එයට…

1973 අංක 5 දරණ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත  අහෝසි කළ යුතුයි! එය ප්‍රතිසංවිධානයට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දැඩි සේ විරුද්ධයි!

වසර පනහකට ආසන්න, මාධ්‍ය නිදහසට දැඩි සේ හානිකර නීතිමය අවරණයන් සහිත යල්පැන ගිය නීතියක් වන පුවත්පත් මණ්ඩල පනත ප්‍රතිසංවිධානයට දැඩි සේ විරෝධය පළ කරමින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම පනත අහෝසි කරන ලෙස අවධාරණය කර සිටී. 1973 අංක 5 දරණ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත මඟින් පිහිටුවා ඇති, ශ්‍රී ලංකා…

අදත් ආසාදිතයින් 282 ක් ; සමස්තය 87,882 යි

අද දිනයේ ද කොවිඩ් 19 ආසාදිතයින් 282 ක් අලුතින් වාර්තා වූ බව රජය නිල වශයෙන් නිවේදනය කොට ඇත. ඒ අනුව මෙතෙක් මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 87,882 ක් වශයෙනි . වත්මන් කොවිඩ් රැල්ලේ ආසාදිත සංඛ්‍යාව 83,498 ක් වශයෙන් සටහන් වෙයි.

තවත් කොවිඩ් මරණයක් ; එකතුව 527 යි

කොවිඩ් ආසාදිත තවත් මරණයක් අද දිනයේ වාර්තා වී ඇත . ඒ අනුව මෙතෙක් මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 527 කි. අද දිනයේ මරණය වාර්තා වී ඇත්තේ වැලිගම ප්‍රදේශයෙනි.

ශ්‍රී ලංකාව ගැන ජිනීවා යෝජනාවේ අවසන් කෙටුම්පත සුදානම් ; පහසුවෙන් දිනන ලකුණු

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයට ඉදිරිපත් කිරීමට යන ශ්‍රී ලංකාව පිලිබඳ යෝජනාවේ අවසන් කෙටුම්පත සිකුරාදා සවස සකස් කොට අවසන් කළ බව ජිනීවා නුවර ආරංචි මාර්ග කියයි. ශ්‍රී ලංකා මධ්‍ය කණ්ඩායම ලෙස හඳුන්වනු ලබන බ්‍රිතාන්‍යය, කැනඩාව , ජර්මනිය, මලාවි ,සහ  උතුරු මසඩොනියා  යන රටවල් විසින් යෝජනාවේ මුල් පිටපත සකස් කළ අතර පසුව සියලු රටවල්…

කොවිඩ් මෘතදේහ 45 ක් භූමදානය කළා – යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

දිවයිනේ රෝහල් ගණනාවක ශීතාගාරවල රදවා තබාගෙන සිටි කොවිඩ් 19 න් මියගිය අයගේ මෘතදේහ 45 ක් මේ වනවිට භූමදානය කොට අවසන් බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කොට ඇත. තවත් මෘතදේහ දෙකක් හෝ තුනක් ඇති බවත් ,ඒවා ද අද හෙට ම භූමදානය කොට අවසන් කරන බව ද යුද හමුදාපතිවරයා කියයි….