කොවිඩ් මෘතදේහ 45 ක් භූමදානය කළා – යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

දිවයිනේ රෝහල් ගණනාවක ශීතාගාරවල රදවා තබාගෙන සිටි කොවිඩ් 19 න් මියගිය අයගේ මෘතදේහ 45 ක් මේ වනවිට භූමදානය කොට අවසන් බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කොට ඇත.
තවත් මෘතදේහ දෙකක් හෝ තුනක් ඇති බවත් ,ඒවා ද අද හෙට ම භූමදානය කොට අවසන් කරන බව ද යුද හමුදාපතිවරයා කියයි.
මෙම මෘතදේහ හමුදාවේ සහය ඇතිව භූමදානය කොට ඇත්තේ මඩකලපුවේ ඔට්ට මාවඩී ප්‍රදේශයේ තෝරාගත් බිමක ය.
යුද හමුදාපතිවරයා කියන්නේ මෘතදේහ පිලිබඳ ප්‍රශ්නය මෙලෙස විසඳා අවසන් කළ බව යි.
