එදා ම හඳුනා නොගන්නා කොවිඩ් මරණ නිවේදනය නොකරන්න තීරණයක් ; පරණ මරණ එකතු වුණා ම ගණන වැඩියෙන් පෙනෙනවා ලු !

කොවිඩ් නිසා සිදුවන මරණ එදා ම තහවුරු නොවන්නේ නම් එම මරණ නිවේදනය නොකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කොට ඇති බව අද නිවේදනය කෙරිණි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද මාධ්‍යය අමතා අද ප්‍රකාශ කළේ අද සිට නිවේදනය කරනු ලබන්නේ කොවිඩ් නිසා මියගිය බව පැය 48 ක් හෝ පැය 24 ක් හෝ ඇතුළත තහවුරු…

මන්ත්‍රී සැප වාහන ගනුදෙනුව අවලංගු කළ බවට දෙවනුව කී කතාවත් බොරු ; කල් ගැනීමක් පමණයි

මන්ත්‍රීවරුන්ට සැප වාහන ගෙන්වීමට ඇතිකර ගත ගිවිසුම මුදල් අමාත්‍යාංශය මැදිහත් වී ජපන් සැපයුම්කරු සමග කළ සාකච්ඡා මගින් අවලංගු කර ගත හැකි වී ඇතැයි ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළ ද එවැන්නක් සිදු වී නැති බවත්, සිදු වී තිබෙන්නේ වාහන සැපයීම සඳහා කල් ලබා දීමක් පමණක් බවත්, තතු දත් ආරංචි මාර්ග කියයි. ඒ අනුව එම මුදල්…

ජනතාව කෝපයෙන් ; ආණ්ඩුවත් ඉවරයි ; රාජපක්ෂ පවුලත් ඉවරයි – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

ආණ්ඩුව කෙරෙහි ජනතා කලකිරීම දිනෙන් දින ඉහළ  යන බවත්, තමන් වහන්සේට පෙනෙන්නට තිබෙන්නේ ආණ්ඩුවත් ඉවර වී රාජපක්ෂ පවුලත් ඉවර වන තත්ත්වයක් බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය සහ රජය බිහි කිරීමට විශාල කාර්යභාරයක් ඉටු කළ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ප්‍රකාශ කළහ. එක පුද්ගලයකුට විශාල බලයක් දීම විනාශයට හේතුවක් බව මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළ බවත්,…

මන්ත්‍රී සැප වාහනවලට මුදල් ගෙවා ඇත්තේ මහ බැංකුවේ අවසරයකින් තොරව යි – මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සුඛෝපභෝගී වාහන ගෙන්වීම සඳහා ණයවර ලිපි නිකුත් කොට මුදල් ගෙවා ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවේ කිසිදු අවසරයකින් තොරව බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා ප්‍රකාශ කොට ඇත. “එබඳු අවසරයක් අප ලබා දී නැහැ ” ” අපත් එය දැනගත්තේ පසුවයි ” යනුවෙන් මහ බැංකු අධිපතිවරයා පැවසු බව “ඉකොනොමි නෙක්ස්ට්” වෙබ්…

ඇමති ගම්මන්පිලගේ සහයට බන්දුල, මහින්දානන්ද ඇමතිවරු විමල් පිලට එක්වෙති

විමල් පිලේ ප්‍රබලයකු වන උදය ගම්මන්පිල ඇමතිවරයාට ඇමති ධුරයෙන් ඉවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එල්ල වී ඇති ප්‍රහාරයෙන් ඒ මහතා ආරක්ෂා කිරීමේ සටන සඳහා ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරුන් ද විමල් වීරවංශ පාර්ශවය හා එක්ව සිටින බව වාර්තා වෙයි. උදය ගම්මන්පිල මහතාට සහය පළකිරීමේ වැඩ සටහනක් ගැන සාකච්ඡා කිරීමට විමල් වීරවංශ මහතා…

ඉන්ධන මිල වැඩිකිරීමේ වගකීම ජනාධිපති භාරගනී !

ඉන්ධන මිල වැඩි කිරීමට රජය තීරණය කළේ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. රටේ ආර්ථික තත්ත්වය ස්ථාවර කර ගැනීම සඳහා මෙම පියවර ගැනීම අවශ්‍ය වූ බව ද එහි සඳහන් ය. ලංකා විදුලි බල මණ්ඩලය ඛනිජ තෙල් මගින් කරන විදුලිය නිෂ්පාදනය අවම  කොට සෑම නිවසකට ම සුර්ය විදුලි කෝෂ…

සජිත්ට විශ්වාසය පළකිරීම සජිත්ගේ ඉල්ලීමට කිරිඇල්ල සංවිධානය කළ වැඩක් !

පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පලකිරීමට පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ යෝජනාවක් සම්මත කිරීම සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීම මත විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සංවිධානය කළ ක්‍රියාවක් බව දේශපාලන අංශ වාර්තා කරයි. සජිත් ප්‍රේමදාස මහතගේ නයකතිවයට එරෙහිව පක්ෂ අභ්‍යන්තරයේ කැරැල්ලක් ඇති බවට පළ වූ වාර්තා නිසා මෙම පියවර ගත්  බව කියති. කොවිඩ් වැළඳී නිරෝධයනයේ සිටි…

ඉන්ධන මිල වැඩි කළේ මුළු ආණ්ඩුව ම යි – ඇමති උදය ගම්මන්පිල

ඉන්ධන මිල ඉහළ නැංවීමේ තීන්දුව ගත්තේ  ජනාධිපති, අගමැති, ප්‍රමුඛ ආණ්ඩුව  විසින් බවත්  , තමා කළේ එම තීන්දුව ප්‍රකාශයට පත්කිරීම බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. මිල වැඩිකිරීමේ තීන්දුව ගත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මුලසුන ගත් ජීවන වියදම් කමිටුව විසින් බව කී ඇමතිවරයා එයට මුදල් ඇමතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ එකඟතාව ලැබී කියයි තමා…

ඊයෙත් කොවිඩ් මරණ 63 ක් ; නව ආසාදිතයින් 2340 ක්

ඊයෙත් කොවිඩ් මරණ 63 ක් තහවුරු වූ බව රජය නිවේදනය කරයි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 2136 ක් ලෙස නිල වාර්තාවල දැක්වෙයි. නව කොවිඩ් ආසාදිතයින් 2340 ක් ද ඊයේ දිනයේ හඳුනාගත් බව රජයේ වාර්තා මගින් තහවුරු කොට තිබේ. ඒ අනුව මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 221,263…

තෙල් මිල වැඩි කළ ඇමති ගම්මන්පිල ඉල්ලා අස්විය යුතු බව පොහොට්ටු ලේකම් නිවේදනයකින් කියයි.

ජනතාව බලවත් පීඩාවෙන් සිටින මොහොතක ඉන්ධන මිල ඉහළ දැමීමට සිදු කොට රජය අපහසුතාවයට පත් කළ විෂය භාර ඇමති ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි. මෙය රජය අපහසුතාවයට පත්කිරීමේ කුමන්ත්‍රණයක් දැයි සැක සිතෙන බව ද එහි සඳහන් ය. ඛනිජ තෙල් විෂය භාර ඇමති උදය…

තවත් වාර්තාවක් මහ බැංකුවෙන් – විදේශ සංචිත වසර දහයකින් අඩු ම මට්ටමට බහී

මෙරට විදේශ සංචිත ප්‍රමාණය මැයි මස අග වන විට ඩොලර් මිලියන 4,018 ක් (බිලියන 4.018 ක් ) දක්වා පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුව කියයි. මෙය වසර දහයකින් වාර්තා වී ඇති අඩු ම මට්ටම යි. මෙම මුදල ප්‍රමාණවත් වන්නේ මාස තුනක ආනයන සඳහා පමණක් බව මහ බැංකුව කියයි. පසුගිය මාර්තු මස අග දී…

දැඩි මහජන විරෝධය හමුවේ මන්ත්‍රී වාහන ගෙන්වීමත් රිවස් වෙයි !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රජයේ උසස් නිලධාරීන් සඳහා ජපානයෙන් ඇනවුම් කර තිබු සුඛෝපභෝගී වාහන ගනුදෙනුව අවලංගු කර ගැනීමට මුදල් අමාත්‍යාංශය, ජපාන සැපයුම්කරු සමග කළ සාකච්ඡා සාර්ථක වී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා ප්‍රකාශ කොට ඇත. අති සුඛෝපභෝගී වාහන 399 ක් ජපානයෙන් ඇනවුම් කොට තිබු අතර එයට මුදල් ගෙවීමට ලංකා බැංකුව මගින් ණයවර ලිපි…