තවත් වාර්තාවක් මහ බැංකුවෙන් – විදේශ සංචිත වසර දහයකින් අඩු ම මට්ටමට බහී

මෙරට විදේශ සංචිත ප්‍රමාණය මැයි මස අග වන විට ඩොලර් මිලියන 4,018 ක් (බිලියන 4.018 ක් ) දක්වා පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුව කියයි. මෙය වසර දහයකින් වාර්තා වී ඇති අඩු ම මට්ටම යි.

මෙම මුදල ප්‍රමාණවත් වන්නේ මාස තුනක ආනයන සඳහා පමණක් බව මහ බැංකුව කියයි.

පසුගිය මාර්තු මස අග දී සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,055 දක්වා පහළ බැස තිබු අතර චීනයෙන්  ඩොලර් මිලියන 500 ක් ලැබීමෙන් පසුව අප්‍රේල් අග දී එය මිලියන 4,470 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.

මැයි අග වනවිට සංචිත ප්‍රමාණය මිලියන 4,018 දක්වා පහත වැටීමෙන් පෙන්නුම් කරන්නේ චීනයෙන් ගත් මුදල ද වියදම් වී අවසන් බවයි.

2019 අග ජනාධිපතිවරණයට පෙර මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 8200 ක් ඉක්මවා තිබිණි. ඉන් පසුව එම ප්‍රමාණය දිගින් දිගට අඩු වෙමින් පැවතිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *