සජිත්ට විශ්වාසය පළකිරීම සජිත්ගේ ඉල්ලීමට කිරිඇල්ල සංවිධානය කළ වැඩක් !

පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පලකිරීමට පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ යෝජනාවක් සම්මත කිරීම සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීම මත විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සංවිධානය කළ ක්‍රියාවක් බව දේශපාලන අංශ වාර්තා කරයි.
සජිත් ප්‍රේමදාස මහතගේ නයකතිවයට එරෙහිව පක්ෂ අභ්‍යන්තරයේ කැරැල්ලක් ඇති බවට පළ වූ වාර්තා නිසා මෙම පියවර ගත් බව කියති.
කොවිඩ් වැළඳී නිරෝධයනයේ සිටි සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අමතා කතා කළ බවත්, එම සාකච්ඡාවේ ප්‍රතිඵල ලෙස ඉහත කී යෝජනාව සම්මත කර ගැනීමට කටයුතු කළ බවත් වාර්තා වෙයි.
අසනීප තත්ත්වය හේතුවෙන් මෙම රැස්වීමට නොපැමිණි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මන්ත්‍රී කණ්ඩායමේ මෙබඳු යෝජනාවක් සම්මත කිරීම ගැන අප්‍රසාදය පළ කොට ඇත්තේ, එය මෝඩ වැඩක් බව කියමිනි. තවත් අය මෙම විවේචනය එල්ලකොට ඇති අතර මෙය සජිත්ගේ ඉල්ලීම මත සිදු වූ බව එහි දී හෙළිදරව් වී තිබේ.
සජිත්ට සහය පළ කළ අවස්ථාවේ එම රැස්වීමට සහභාගී වී සිටියේ එම පක්ෂය යටතේ විපක්ෂයී සිටින මන්ත්‍රීවරුන් 54 අතරින් 32 ක් පමණක් බව ද වාර්තා වී ඇත.
ඉහත කී යෝජනාව සම්මත වීමෙන් පසුව පාටලී චම්පික රණවක මන්ත්‍රීවරයා මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රකාශ කළේ සජිත්ගේ අනාගතය තීරණය වන්නේ ඔහුගේ හැසිරීම මත බව යි.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 19 ක් සමග එහි ප්‍රබලයකු එජාපයට එක් වීමට සාකච්ඡා කරමින් සිටින බවට පළ වන වාර්තාවල සත්‍යතාවයක් ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි.
සජිත්ට එරෙහි කුමන්ත්‍රණ කතාව කුමක් වුවත්, නායකයකු ලෙස ඔහු කෙරෙහි විශ්වාසය බිඳවැටීම බරපතළ බව අපගේ ආරංචි මාර්ග කියයි.
