සති තුනකින් යළි කොවිඩ් ආවොත් චන්ද නෙවෙයි මොකක්වත් තියන්න ලැබෙන්නේ නෑ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ

මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට හැකි බව තමන් රජයට දැනුම් දුන්න ද නිරෝධායන පනත ශක්තිමත් කිරීම, ජන ජීවිතය සාමාන්‍ය තත්වයට ගෙන ඒමේදී අනුගමනය කළයුතු ක්‍රියා පටිපාටි, සමාජ අලෙවිකරණය යනාදී සියලුම කටයුතු නිසි පරිදි ඉදිරියට ක්‍රියාත්මක නොවුණු හොත් සති තුනකින් යළි කොරෝනා වෛරසය හිස එසවිය හැකි බවත් එසේ සිදුවුවහොත් මැතිවරණයක් තබා කිසිවක්ම පැවැත්විය නොහැකි වනු ඇති බවත්…

ඊයේ එකතුව 52 ක් ; මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1141 ක්

කොවිඩ් 19 ආසාදිතයන් 52 ක් ඊයේ  දින හඳුනාගෙන ඇත . ඒ අනුව මේ වනවිට හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1141 ක් බවට පත්ව තිබේ

කොවිඩ් 19 රෝගීන් 49ක් එකතුවෙයි ; දැන් මුළු ගණන 1138 යි

තවත් කොවිඩ් 19 ආසාදිතයන් 49 ක් අද දින හඳුනාගෙන ඇත . ඒ අනුව මේ වනවිට හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1138 ක් බවට පත්ව තිබේ

සී අයි ඩී යට අලුත් අධ්‍යක්ෂවරයෙක් ; පොලිස් සේවයේ වෙනස්කම් රැසක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප‍්‍රසන්න අල්විස් මහතා පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ ජාලිය සේනාරත්න මහතා පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව් තිලකරත්න මහතා ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා ලෙස නැවත පත්කර ඇති අතර, තිලකරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ලෙස පත්වූයේ මීට මාස…

පාර්ලිමේන්තුව කැඳවන්න ආණ්ඩුව සුදානම් ; අතුරු සම්මත ගිණුමත් හදයි !

ශ්‍රේෂ් ඨාධිකරණය හමුවේ දැන් විභාග වන මානව හිමිකම් පෙත්සම්වල තීන්දුව අනුව අවශ්‍ය වුවහොත් ඉක්මනින් ම පාර්ලිමේන්තුව කැඳවීමට ආණ්ඩුව සුදානම් වෙමින් සිටින බව අපගේ ආරංචි මාර්ග සඳහක් කරයි. පාර්ලිමේන්තුව කැඳවුව හොත් එහි වැඩ කටයුතු අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීමට පමණක් සීමා කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය ගිණුම් සුදානම් කිරීමට මේ වනවිටත්…

හාල් 98ට විකුණන්න රජය එක්ක එකඟ වෙලයි වී 50ට ගත්තේ. මෝල වහලා හිරේ යනවා – ඩඩ්ලි සිරිසේන

තමන් කිලෝවක් රුපියල් 50 බැගින් වී මිලදී ගත්තේ සහල් කිලෝවක් රුපියල් 98ට විකිණීම සඳහා රජයත් සමඟ පූර්ව එකඟතාවකට පැමිණ බවත් දැන් රජය විසින් රුපියල් 90 බැගින් සහල් විකිණීමටැයි කීම අසාධාරණ බවත් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සොයුරු ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.  “දැන් ඔබතුමා මට කියන්නකො රුපියල් 50ට අරගෙන 90ට දෙන්න බැරි…

ඊයේ වාර්තා වුණු ආසාදිතයන් 21 දෙනා ගෙන් 19ක් නාවික සෙබළුන් – යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

ඊයේ(23) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 21 දෙනෙකු වාර්තා වු අතර එම ආසාදිතයන්ගෙන් 19 දෙනෙක් නාවික හමුදා සමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.   සෙසු ආසාදිතයින් දෙදෙනා ඩුබායි  සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයින්වේ.   ඒ අනුව මෙරට කොවිඩ්-19 වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1089 දක්වා ඉහළ ගොස් තිබේ.   එසේ වුව ද  ගෙවුණු සති…

ගෝලීයකරණය ආපසු හරවන්න බැහැ ; එය සිදුවන දෙයක් නොවෙයි – මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරල

කොවිඩ් 19 වසංගතය තුළ ලෝක පරිමාණයෙන් ඇතිවී තිබෙන සැපයුම් ජාල බිඳවැටීම තුළ ආර්ථික වශයෙන් ලෝකය ගෝලීයකරණය අවසන් වනු ඇතැයි ඇතැම් පිරිස් තර්ක කළ ද එය කිසිසේත් සිදු නොවන බව හා කළ නොහැකි බව ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරල මහතා ප්‍රකාශ කළේ ය. ගෝලීයකරණය තාවකාලික පසු බැසීමකට ලක්විය හැකි වුව ද…

පොළොන්නරුවේ වී මෝල් අටකට පැන පාරිභෝගික අධිකාරිය හිස් අතින් යයි

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන සහ මධ්‍ය පරිමාණ වී මොල් අටක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති විශාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ඇතුලූ නිලධාරින්  50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද(23) සවස වැටලිමට ලක් කළ නමුත් කිසිවක් හෝ කිසිවකු අත් අඩංගුවට නොගෙන හිස් අතින් ම ආපසු ගිය බව වාර්තා වෙයි .   එහිදි දිස්ත්‍රික්කයේ ප‍්‍රධාන සහල් මෝල් වන අරලිය…

අද තවත් රෝගීන් 21 ක් ; එකතුව 1089 ට නගී

අද දින තවත් කොවිඩ් 19 ආසාදිතයන් 21 දෙනකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි . ඒ අනුව මෙරටින් හමු වූ කොවිඩ් ආසාදිත මුළු සංඛ්‍යාව 1089 ක් දක්වා ඉහල ගොස් ඇත.

බුද්ධාගමට නිගරු කරන භික්ෂුන්ට එරෙහිව පියවර ගන්න සුදානම් – ජනාධිපති

බුද්ධාගමට අපහාස වන අයුරින් හැසිරෙන භික්ෂුන් වහන්සේලාට එරෙහිව ගතයුතු පියවර යෝජනා කරන්නේ නම් තම පාලනය යටතේ එම පියවර ක්‍රියාවට නැගීමට සුදානම් බව ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා බෞද්ධ උපදේශක සභාවට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි. ජනාධිපතිතුමා හා බෞද්ධ උපදේශක සභාව අතර මාසික හමුවීම අද පැවති අවස්ථාවේ දී ජනාධිපතිතුමා මෙම දැනුම්දීම සිදුකොට තිබේ. විනය විරෝධී ලෙස හැසිරෙන…

රටපුරා ඇඳිරිනීතිය අඟහරුවාදා සිට ලිහිල් වෙයි; ගමනාගමනයටත් ඉඩ

දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතීය මැයි 26 අඟහරුවාදා සිට නැවත දැනුම් දෙන තුරු දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් ක්‍රියාත්මක වන බව රජය නිවේදනය කරයි. ඒ අනුව මැයි 26 වන අඟහරුවාදා සිට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයටද අවසර ලැබේ. හෙට(24) ඉරිදා සහ 25 සඳුදා දෙ දින දිවයින පුරා ඇඳිරි…