බුද්ධාගමට නිගරු කරන භික්ෂුන්ට එරෙහිව පියවර ගන්න සුදානම් – ජනාධිපති

බුද්ධාගමට අපහාස වන අයුරින් හැසිරෙන භික්ෂුන් වහන්සේලාට එරෙහිව ගතයුතු පියවර යෝජනා කරන්නේ නම් තම පාලනය යටතේ එම පියවර ක්‍රියාවට නැගීමට සුදානම් බව ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා බෞද්ධ උපදේශක සභාවට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපතිතුමා හා බෞද්ධ උපදේශක සභාව අතර මාසික හමුවීම අද පැවති අවස්ථාවේ දී ජනාධිපතිතුමා මෙම දැනුම්දීම සිදුකොට තිබේ.

විනය විරෝධී ලෙස හැසිරෙන භික්ෂුන් පාලනය කිරීමට තම උපරිම සහය ලබාදීමට සුදානම් බව ජනාධිපතිතුමා එහි දී ප්‍රකාශ කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *