පොළොන්නරුවේ වී මෝල් අටකට පැන පාරිභෝගික අධිකාරිය හිස් අතින් යයි
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන සහ මධ්‍ය පරිමාණ වී මොල් අටක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති විශාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ඇතුලූ නිලධාරින් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද(23) සවස වැටලිමට ලක් කළ නමුත් කිසිවක් හෝ කිසිවකු අත් අඩංගුවට නොගෙන හිස් අතින් ම ආපසු ගිය බව වාර්තා වෙයි .
එහිදි දිස්ත්‍රික්කයේ ප්‍රධාන සහල් මෝල් වන අරලිය , නිපුන, නිව්රත්න, ලක් සහල් තවත් මධ්‍ය පරිමාණ වී මෝල් කිහිපයක් මෙහිදි පරික්ෂාවට ලක් කෙරුණි. වී තොග නොවිකුණා ගබඩා කොට තිබේ ද යන්න පරීක්ෂා කිරීම මෙම වැටලීමේ අරමුණ වූ බව කියති.
කොළඹ, පොළොන්නරුව, ගම්පහ, කුරුණැගල , නුවර අනුරාධපුර යන දිස්ත්‍රික්කවල පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරිහු මෙම වැටලිමට එක්ව සිටියහ.
එහිදි රජය පනවා තිබෙන පාලන මිලට ඉදිරියේදි සම්බා සහ නාඩු සහල් වෙළද පොලට ලබා දිමට වී මෝල් හිමිකරුවන් සමග කෙරු සාකච්ඡුාවකින් පසු එකගත්වය පලකල බව පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරියේ සභාපති විශාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා පැවසිය.
