ඊයේ වාර්තා වුණු ආසාදිතයන් 21 දෙනා ගෙන් 19ක් නාවික සෙබළුන් – යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

ඊයේ(23) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 21 දෙනෙකු වාර්තා වු අතර එම ආසාදිතයන්ගෙන් 19 දෙනෙක් නාවික හමුදා සමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
සෙසු ආසාදිතයින් දෙදෙනා ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයින්වේ.
ඒ අනුව මෙරට කොවිඩ්-19 වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1089 දක්වා ඉහළ ගොස් තිබේ.
එසේ වුව ද ගෙවුණු සති 03ක කාලය තුළ මෙරට සාමාන්‍ය සමාජයෙන් කිසිදු වෛරස් ආසාදිතයෙකු හමුව නොමැති බව යුද හමුදාපතිවරයා කියයි.
