පාර්ලිමේන්තුව කැඳවන්න ආණ්ඩුව සුදානම් ; අතුරු සම්මත ගිණුමත් හදයි !

ශ්‍රේෂ් ඨාධිකරණය හමුවේ දැන් විභාග වන මානව හිමිකම් පෙත්සම්වල තීන්දුව අනුව අවශ්‍ය වුවහොත් ඉක්මනින් ම පාර්ලිමේන්තුව කැඳවීමට ආණ්ඩුව සුදානම් වෙමින් සිටින බව අපගේ ආරංචි මාර්ග සඳහක් කරයි.
පාර්ලිමේන්තුව කැඳවුව හොත් එහි වැඩ කටයුතු අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීමට පමණක් සීමා කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය ගිණුම් සුදානම් කිරීමට මේ වනවිටත් මුදල් අමාත්‍යාංශය ක්‍රියාකරමින් සිටින බවත් තතු දත් ආරංචි මාර්ග කියයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් මාස තුනක් ගතවන ජුනි 2 දාට හෝ ඊට පෙර පාර්ලිමේන්තුව කැඳවීමට ඉඩ ඇති බව විශ්වාස කෙරෙයි.
කෙසේ වෙතත් ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය ඉදිරියේ කිය සිටියේ යලි කැඳවීමට වලංගු පාර්ලිමේන්තුවක් දැන් නොමැති බවයි.
ඊට එරෙහිව පෙත්සම්කරුවන් අධිකරණයට කරුණු දක්වා ඇත්තේ මාස තුනකට වැඩි කලක් පාර්ලිමේන්තුව වසා තැබීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩක් නැති බව යි.
ඉදිරි දින කිහිපයේ දී ශ්‍රේෂ්ධිකරණය මේ පිළිබඳව තීන්දුවක් දෙනු ඇතැයි අපේක්ෂා කෙරෙයි .
