සති තුනකින් යළි කොවිඩ් ආවොත් චන්ද නෙවෙයි මොකක්වත් තියන්න ලැබෙන්නේ නෑ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ

email sharing button

මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාමට හැකි බව තමන් රජයට දැනුම් දුන්න ද නිරෝධායන පනත ශක්තිමත් කිරීම, ජන ජීවිතය සාමාන්‍ය තත්වයට ගෙන ඒමේදී අනුගමනය කළයුතු ක්‍රියා පටිපාටි, සමාජ අලෙවිකරණය යනාදී සියලුම කටයුතු නිසි පරිදි ඉදිරියට ක්‍රියාත්මක නොවුණු හොත් සති තුනකින් යළි කොරෝනා වෛරසය හිස එසවිය හැකි බවත් එසේ සිදුවුවහොත් මැතිවරණයක් තබා කිසිවක්ම පැවැත්විය නොහැකි වනු ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි. 

“මැතිවරණය කවදාද පවත්වන්න පුළුවන් කියන එක නෙවෙයි, මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙනියාම පිළිබඳව සෞඛ්‍ය බලධාරියා විදියට මගෙන් ඒ සඳහා විද්‍යාත්මකව තියෙන සාධක මත පදනම් වෙලා මම ඉදිරිපත් කරලා තියෙන්නෙ මා යැවූ පිළිතුරේ මේ මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයා හැකියි කියන එක. 

මම කියන්නෙ නෑ පාලනය කරලා අවසන් කියන එක. නමුත් අපි දන්නවා අපි මේ විදියට ගියොත් අපට මේ තත්වය පාලනය කරන්න පුළුවන් වෙනත් ගොඩක් රටවල්වලට වැඩිය. සමහර වෙලාවට අපි දැකලා තියෙනවා මේ ඇතැම් දේශපාලනඥයෝ අරක අරින්න, මේක අරින්න කියලා නිකම් කල්පනාවක් නැතුව කියනවා. කරුණාකරලා අපට ඉඩදෙන්න, අපි ඒක පිළිවෙලට අරින්නම්. පළමුව ප්‍රමුඛ වෙන්නේ ප්‍රමුඛ දේ. ඉන් අනතුරුව තමයි ඊළඟ දේ එන්නෙ. 

ඇත්ත, මේ මැතිවරණ ක්‍රියාවලිය පත්වාගෙන යන්න කියලා මවිසින් දීලා තියෙනවා. හැබැයි මේ ක්‍රියාවලිය පවත්වාගෙන යනකොට යම්කිසි විදියකින් අපි නිරෝධායන පනත ශක්තිමත් කරන්නෙ නැතුව ජනතාවට නිව් නෝමල්සි එක, ඒක සම්පූර්ණයෙන් රටට දෙන්නෙ නැතුව මේ කියන සමාජ අලෙවිකරණ වැඩපිළිවෙල යන්නෙ නැතුව … මේ සියල්ලම යන්න ඕනෙ. ඒවා යන්නෙ නැතුව තව සති තුනකින් කොවිඩ් නැවත ආවොත් මැතිවරණයක් නෙවෙයි මොකක්වත් තියන්න බැරිවෙනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (24) ජාතික රූපවාහිනී නාලිකාවේ පැවති සංවාදයකට එක්වෙමිනි. 

LANKANEWSWEB


Leave a Reply

Your email address will not be published. Required fields are marked *