අද කොවිඩ් මරණ 10 ක් ; නව ආසාදිතයින් 550 ක්

තවත් කොවිඩ් ආසාදිත මරණ 10 ක් රජය අද තහවුරු කළ අතර අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 550 ක් බව වාර්තා කොට ඇත. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව සටහන් වන්නේ 15,065 ක් වශයෙනි. මෙරට දී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 589,479 ක් වශයෙනි. දිනපතා හඳුනාගන්න රෝගීන්ගේ අඩුවක් පසුගිය දිනවල වාර්තා වුව…

18 දා ණය ගෙවන්න ඩොලර් මිලියන 500 ක් වෙන් කළා – මහා බැංකු අධිපති

2022 ජනවාරි 18 වන දින කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය පියවීම සඳහා අවශ්‍ය කෙරෙන ඇමරිකානු ඩොලර් මිලියන 500 ක මුදල් වෙන්කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියයි සිය ට්විටර් ගිනුමේ පණිවිඩයක් තබමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා   මේ බව තහවුරු ප්‍රකාශ කරයි.  

අද කොවිඩ් වාර්තා : මරණ 18 යි , නව ආසාදිතයින් 629 යි

රජය අද දිනයේ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 18 ක් වන අතර අලුතින් හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා කර ඇති සංඛ්‍යාව 629 කි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,055 ක් වෙයි. මෙරට දී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 588,929 ක් වශයෙනි.

ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ඉන්දු – ලංකා ගිවිසුම ලබන සතියේ අත්සන් තැබේ

ත්‍රිකුණාමල තෙල් ටැංකි ගැන ඉන්දියාව සමග ගිවිසුම අත්සන් තැබීම ලබන සතියේ සිදුවන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා අද ප්‍රකාශ කළේ ය. එම ගිවිසුම ඊයේ කැබිනට් මණ්ඩලයෙන් අනුමත වී ඇත. එම ගිවිසුම අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ව්‍යාපාර කටයුතු සඳහා තෙල් ටැංකි 24ක් වෙන් කිරීමටත්, ලංකා අයි.ඕ.සී සමාගම දැනටමත් භාවිතා කරන පහළ තෙල් ටැංකි සංකීර්ණයේ…

‘ආණ්ඩුවත් පිපිරෙන්න ළඟයි‘ – එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

  මේ වසර අවසන් වන්නට පෙර ආණ්ඩුවත් පිපිරී යාමට නියමිත බව ඉතා පැහැදිලි යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. ආණ්ඩුවේ  පිපිරීම හමුවේ ජනතාව රැක ගැනීමට සිටින එකම නායකත්වය  සහිත  පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂය පමණක් යැයිද රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂය ක්‍රියාකාරී හමුවකට එක්වෙමින් විජයවර්ධන මහතා කීවේ පක්ෂයක්…

ඉවත් කිරීම ආශිර්වාදයක්, හෙට සිට උසාවි යනවා – හිටපු ඇමති සුසිල් ප්‍රේමජයන්ත

ජනාධිපතිතුමා විසින් තමා රාජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කිරීම තමන්ගේ අනාගතයට ආශිර්වාදයක් බව අධ්‍යාපන රාජ්‍ය  ඇමති ධුරයෙන් හදිසියේ ඉවත් කළ සුසිල් ප්‍රේමජයන්ත මහතා අද මාධ්‍ය අමතා ප්‍රකාශ කළේ ය. මැති ඇමතිවරුන් පත් කිරීමට සහ ඉවත් කිරීමට ජනාධිපතිතුමාට බලය ඇතැයි ද විසිවෙනි සංශෝධනයේ බලතල අනුව අගමැති තුමා වුව ද ඉවත් කළ හැකි බවත් ඒ මහතා පැවසීය. මින්…

අයි එම් එෆ් යන බව මුදල් ඇමති බැසිල් සැර බාලකර කියයි

රටේ වර්ධනය වන ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට සුදානම් බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ පුවත්පත් සාකච්ඡාවේ දී ප්‍රකාශ කොට ඇත්තේ එයට වැඩි අවධාරණයක් ලබා නොදෙමිනි. ඇමතිවරයා කීවේ ජාත්‍යයන්තර මුල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටළු සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරන බවයි. මීට අමතරව ලංකාවට ආධාර ලබාදෙන ඉන්දියාව, චීනය, ඇමරිකාව සහ…

’’සහන පැකේජයෙන් රටේ අති උද්ධමනයක් ඇතිවිය හැකියි‘- ආචාර්ය හර්ෂ ද සිල්වා

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හඳුන්වා දුන් සහන පැකේජය තුළින් රට මුහුණ දී ඇති ඩොලර් අර්බුදයට විසඳුමක් නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. තුන්වේල කා ජීවත් වීමට නොහැකි ජනතාවට  තාවකාලික සහනයක් ලැබුණත් මෙම සහන පැකේජය හේතුවෙන් රට තුළ අති උද්ධමනයක් ඇති විය හැකි බවත් හර්ෂ ද සිල්වා මහතා කීවේය….

ආණ්ඩුවේ කාලය අවසන් කියූ සුසිල් වහාම තනතුරින් ඉවත් කරයි

රටේ ප්‍රශ්නවලට විසඳුම් දීමට වත්මන් පාලකයන්ට තිබු කාලය අවසන්ව ඇති බවත්, දැන් එය කළ හැක්කේ වෙනත් පිරිසකට බවත් පසුගිය දා ප්‍රකාශ කළ අධ්‍යාපන රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත් කොට තිබේ. විධායක ජනාධිපති බලතල අනුව එම ඉවත්කිරීම කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි. ඊයේ පැවති කැබිනට් රැස්වීමේ දී ද…

සාගතයක් ඇතිවන බව රජය පිළිගනී

පොහොර ප්‍රශ්නය නිසා වී ගොවිතැනේ අස්වැන්න සියයට 20 කින් 30 කින් අඩු විය හැකි බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා අද පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේ දී පිළිගත්තේ ය. එමෙන් ම එළවලු සහ අනෙකුත් වගවන්ගේ ද අස්වනු අඩු වන බව පිළිගත් ඇමතිවරයා මාස දෙක තුනකින් අස්වැන්න ගත හැකි අල බතල වැනි දේ ගෙවතු වල වගා කරගන්නා…

රජයෙන් මේ මස සිට සහන මල්ලක්

  කොව්ඞ් වසංගතය සහ ආර්ථික ගැටළු වලින් පීඩා විඳින ජනතාවට සහන ලබාදීම සඳහා විශේෂ සහන පැකේජයක් ලබාදීමට රජය තීන්දු කළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා කොළඹ මුදල් අමාත්‍යංශයේදී අද රාතී‍්‍ර පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. ඒ අනුව සියලුම ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය වල බදු ඉවත් කරන බවද මුදල් අමාත්‍යවරයා කීවේය. ජනවාරී මාසයේ සිට ක‍්‍රියාත්මක වන…

අද කොවිඩ් මරණ 18 යි ; නව ආසාදිතයින් 365 යි

රජය අද දිනය තුළ තවත් කොවිඩ් ආසාදිත මරණ 18 ක් තහවුරු කළ අතර අලුතින් හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා කොට ඇති සංඛ්‍යාව 365 කි. මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,037 ක් ලෙස සටහන් වෙයි. මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වී ඇත්තේ 588,300 ක් වශයෙනි