ආණ්ඩුවේ කාලය අවසන් කියූ සුසිල් වහාම තනතුරින් ඉවත් කරයි

රටේ ප්‍රශ්නවලට විසඳුම් දීමට වත්මන් පාලකයන්ට තිබු කාලය අවසන්ව ඇති බවත්, දැන් එය කළ හැක්කේ වෙනත් පිරිසකට බවත් පසුගිය දා ප්‍රකාශ කළ අධ්‍යාපන රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත් කොට තිබේ.
විධායක ජනාධිපති බලතල අනුව එම ඉවත්කිරීම කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
ඊයේ පැවති කැබිනට් රැස්වීමේ දී ද ජනාධිපතිතුමා ඇමතිවරුන් සමග සුසිල් ඇමතිවරයාගේ ප්‍රකාශය ගැන කෝපයෙන් කතා කළ බව වාර්තා වෙයි.
කෘෂිකර්මයට මෙහෙම විනාශයක් විදෙස් ආක්‍රමණිකයන් වත් නොකළ බවත්, තීන්දු ගත් අය එම වගකීම භාරගත යුතු බවත් , සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කිරීම ජනාධිපතිතුමාගේ බලවත් කෝපයට හේතු වී ඇති බව කියති.
මෙම තත්ත්වය ඇති වුයේ කරන්න බැරි දේවල් කරන්න ගිහින් කියා ද ප්‍රේමජයන්ත ඇමතිවරයා ප්‍රකාශ කළේ ය.
රසායනික පොහොර වහාම තහනම් කොට ගොවිතැන වහාම කාබනික කිරීම ජනාධිපතිතුමාගේ තීරණයකි.
ජනාධිපතිතුමා විසින් පසුගිය දා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා මෙලෙස ම හදිසියේ ඉවත් කරන ලද්දේ කෘෂිකර්මය විනාශ වී ඇති බවත්, සාගතයක් ඇතිවීම වැළක්විය නොහැකි බවත්, කීම නිසා ය.
