ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ඉන්දු – ලංකා ගිවිසුම ලබන සතියේ අත්සන් තැබේ

ත්‍රිකුණාමල තෙල් ටැංකි ගැන ඉන්දියාව සමග ගිවිසුම අත්සන් තැබීම ලබන සතියේ සිදුවන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා අද ප්‍රකාශ කළේ ය.

එම ගිවිසුම ඊයේ කැබිනට් මණ්ඩලයෙන් අනුමත වී ඇත.

එම ගිවිසුම අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ව්‍යාපාර කටයුතු සඳහා තෙල් ටැංකි 24ක් වෙන් කිරීමටත්, ලංකා අයි.ඕ.සී සමාගම දැනටමත් භාවිතා කරන පහළ තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 14ක් ඉදිරි වසර 50ක් සඳහා එම සමාගමේ ව්‍යාපාර කටයුතු සඳහා වෙන් කිරීමටත් නියමිත බව ඇමතිවරයා කීවේය.

ඉතිරි තෙල් ටැංකි 61 සම්බන්ධයෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට සියයට 51ක් හා ලංකා අයි.ඕ.සී සමාගමට සියයට 49ක් කොටස් අයිතිය හිමිවන ලෙස ස්ථාපිත කරන ටි්‍රන්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් නමින් ස්ථාපිත කරන සමාගම මඟින් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත් නියමිත බව ඇමති ගම්මන්පිල මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *