අද කොවිඩ් මරණ 10 ක් ; නව ආසාදිතයින් 550 ක්

තවත් කොවිඩ් ආසාදිත මරණ 10 ක් රජය අද තහවුරු කළ අතර අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 550 ක් බව වාර්තා කොට ඇත.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව සටහන් වන්නේ 15,065 ක් වශයෙනි.

මෙරට දී හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 589,479 ක් වශයෙනි.

දිනපතා හඳුනාගන්න රෝගීන්ගේ අඩුවක් පසුගිය දිනවල වාර්තා වුව ද ඊයේ එහි වැඩිවීමක් පෙන්නුම් කළේ ය. ඒ ගැන අද මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත හේරත් මහතා අද පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ උත්සව සමයෙන් පසු රෝගීන්ගේ වැඩිවීමක් අපේක්ෂා කළ බවයි.

කෙසේ වෙතත්, ඊයේ පෙන්නුම් කළ වැඩිවීම දිගට පවතින්නක් ද නැතහොත් අහඹු වැඩිවීමක් ද යන්න දැන් ම ප්‍රකාශ කළ නොහැකි බව ද  සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *