ඉවත් කිරීම ආශිර්වාදයක්, හෙට සිට උසාවි යනවා – හිටපු ඇමති සුසිල් ප්‍රේමජයන්ත
ජනාධිපතිතුමා විසින් තමා රාජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කිරීම තමන්ගේ අනාගතයට ආශිර්වාදයක් බව අධ්‍යාපන රාජ්‍ය ඇමති ධුරයෙන් හදිසියේ ඉවත් කළ සුසිල් ප්‍රේමජයන්ත මහතා අද මාධ්‍ය අමතා ප්‍රකාශ කළේ ය.
මැති ඇමතිවරුන් පත් කිරීමට සහ ඉවත් කිරීමට ජනාධිපතිතුමාට බලය ඇතැයි ද විසිවෙනි සංශෝධනයේ බලතල අනුව අගමැති තුමා වුව ද ඉවත් කළ හැකි බවත් ඒ මහතා පැවසීය.
මින් පසු කුමක් කරන්නේ දැයි කළ විමසීමකට පිළිතුරු දුන් ඒ මහතා කීවේ තමන්ගේ අනෙක් වෘත්තීය ඇති බව සහ හෙට සිට උසාවි යන බව යි.
තමන් ඉවත් කිරීමට ගත් තීන්දුව නොව බලධාරීන් ගත වෙනත් තීන්දු ගැන ඔවුන්ට නැවත සලකා බැලීමට සිදුවන බව හිටපු ඇමතිවරයා වැඩි දුරටත් කී ය.
ඇමති ධුරයෙන් ඉවත් කළ පසු අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉවත්ව යන අවස්ථාවේ මාධ්‍ය කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු වශයෙන් ප්‍රේමජයන්ත මහතා මෙම අදහස් පළ කළේ ය.
