අයි එම් එෆ් යන බව මුදල් ඇමති බැසිල් සැර බාලකර කියයි

රටේ වර්ධනය වන ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට සුදානම් බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ පුවත්පත් සාකච්ඡාවේ දී ප්‍රකාශ කොට ඇත්තේ එයට වැඩි අවධාරණයක් ලබා නොදෙමිනි.

ඇමතිවරයා කීවේ ජාත්‍යයන්තර මුල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටළු සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරන බවයි.

මීට අමතරව ලංකාවට ආධාර ලබාදෙන ඉන්දියාව, චීනය, ඇමරිකාව සහ ජපානය වැනි රටවල් සමඟත් ලෝක බැංකුව, යුරෝපා සංගමය වැනි ආයතන සමඟත් සාකච්ඡා කිරීමට නියමිත බවද ඇමතිවරයා පවසා ඇත.

ඒ, ඒ රටවල් සමඟ සහ මුල්‍ය ආයතන සමඟ සාකච්ඡා කිරීමේ වගකීම කැබිනට් ඇමතිවරුන් පිරිසකට පැවරූ බවද ඔහු කීය.

එක් රටක් හෝ එක් ආයතනයක් සමඟ සාකච්ඡා කර සහන ලබාගැනීමේ වගකීම එක් ඇමතිරයකුට පැවරීමටත් සියල්ල ගැන වගකීම ඇමතිරුන් පිරිසකට ලබාදීමටත් ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තින්දු කළ බවද බැසිල් රාජපක්‍ෂ මහතා කියයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *