සාගතයක් ඇතිවන බව රජය පිළිගනී

පොහොර ප්‍රශ්නය නිසා වී ගොවිතැනේ අස්වැන්න සියයට 20 කින් 30 කින් අඩු විය හැකි බව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා අද පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේ දී පිළිගත්තේ ය.

එමෙන් ම එළවලු සහ අනෙකුත් වගවන්ගේ ද අස්වනු අඩු වන බව පිළිගත් ඇමතිවරයා මාස දෙක තුනකින් අස්වැන්න ගත හැකි අල බතල වැනි දේ ගෙවතු වල වගා කරගන්නා ලෙස ඉල්ලා සිටියේ ය.

ගෙවතු වගාව සඳහා පර්චස් 20 ට අඩු ඉඩම් සඳහා රුපියල් 5000 ක් සහ අක්කරයට අඩු ඉඩම් සඳහා රුපියල් 10,000 ක ද සහනාධාරයක් ලබා දෙන බව ද ඇමතිවරයා පැවසීය.

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්ව සිටි උදිත් කේ ජයසිංහ මහතා පසුගියදා එම තනතුරින් ඉවත් කරන ලද්දේ රජයේ කාබනික පොහොර වැඩ පිළිවෙළ අසාර්ථක වීමත් සමග රටේ සාගතයක් ඇති වීමේ තත්ත්වයක් තිබෙන බව කීම නිසාය.

රටේ සාගතයක් නොඑන බව තමා වගකීමෙන් කියන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *