වාර්තා තබමින් රනිල් අගමැති ලෙස දිවුරුම් දෙයි

  නිදහස් ශ්‍රී ලංකාවෙි 26 වැනි අගමැතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (12)පස්වරුවේ දිවුරුම් දුන්නේය. 2019 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයක් ලබා ගත් මොහොතක පක්ෂයට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණියේය. විසිවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බලවත්…

රනිල් අගමැති ධුරයේ දිවුරුම් දීම අද සවස 6.30 ට

  එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද(12)පස්වරු 6:30ට අභිනව අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත ය. රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මෙලෙස දිවුරුම් දෙන්නේ 6 වන වතාවට යි.  

සජබ 25 ක් රනිල්ට එක්වෙති

  සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 25 දෙනෙකු  එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට  සහය පළ කිරීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එම මන්ත්‍රීවරුන් අතුරින් එකොළොස් දෙනකු ඊයේ (11) රාත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විශේෂ සාකච්ඡාවකට ද සහභාගී වී ඇත. රට මුහුණ දී සිටින දැවැන්ත අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දැක්මක්…

රනිල්ගේ සහයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 160 ක්

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය භාරගන්නේ නම් ඒ මහතාට සහය දීමට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 160 කට වැඩි පිරිසක් කැමැත්ත ප්‍රකාශ කොට ඇති බව එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ආරංචි මාර්ග කියයි. ආණ්ඩුවෙන් ඉවත් වූ ස්වාධින කණ්ඩායම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක්, සමගි ජන බලවේගයේ බහුතරය සහ පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂවල මන්ත්‍රීවරු ඒ අතර වෙති. මෙම ආර්ථික අර්බුදයෙන් රට…

රනිල් අගමැති ලෙස හෙට හෝ අනිද්දා දිව්රුම් දෙයි?

  එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෙට (12) හෝ අනිද්දා (13) ශ්‍රී ලංකාවේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය. නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. රටේ ඇති වී තිබෙන අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය…

සජිත්ගේ කර ඇරීමට එරෙහි වී හරීන් ප්‍රනාන්දු සජබයෙන් ඉවත් වෙයි ?

මේ මොහොතේ ජනතාව වෙනුවෙන් වගකීම් භාර නොගෙන සජිත් ප්‍රේමදාස මහතා දිගින් දිගට කර ඇරීමට විරෝධය පළ කරමින් පක්ෂයෙන් ඉවත් වී, ස්වාධීනව, අන්තර් වාර පාලනයකට සහය දීමට සජබ ජාතික සංවිධායක හරීන් ප්‍රනාන්දු මහතා තීරණය කොට ඇති බව වාර්තා වෙයි. රට අර්බුදයට ගොස් ඇති මොහොතක අන්තර් වාර පාලනයක් පිහිටුවීම තවත් ප්‍රමාද කළ නොහැකි බව ඒ මහතා ප්‍රකාශ…

වහාම අගමැති, ඇමති මණ්ඩලය පත් කරන්න – පක්ෂ නායකයෝ ජනපතිට කියති

  නව ආණ්ඩුවක් සහ අගමැතිවරයෙකු පත් කිරීම වහාම සිදුකරන ලෙස සූම් තාක්ෂනය ඔස්සේ අද පැවති රැස්වීමේ දී පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෝ තීරණය කළහ. මෙම තීරණය වහාම ජනාධිපතිවරයාට දන්වා යවන ලෙස පක්ෂ නායකයෝ කථානායකතුමාගෙන් ඉල්ලා සිටියහ. මේ අතර ජනාධිපතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව ලබන සතියේ විවාදයට ගැනීමට කථානායකතුම එකඟත්වය පළ කොට ඇත.

ගෝටා නොයයි ; අගමැතිවරයකුට බලය දෙන බව කියයි

අලුතින් පත්වන අගමැතිවරයකුට බලය ලැබෙන පරිදි 19 වන ව්‍යවස්ථා සංශෝදනය ක්‍රියාත්මක කරන බවත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහය දෙන බවත්, ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා අද ප්‍රකාශ කළේය. නව අගමැතිවරයෙකු සහ කැබිනට මණ්ඩලයක් මෙම සතිය තුළ පත්කරන බව ද ජනාධිපතිවරයා කී ය. පාර්ලිමේන්තුවට වැඩි බලතල දෙන බව කීව ද ජනාධිපති තනතුරින් ඉල්ලා අස්වීමේ…

ජන හඬට කන් දී ඉවත්වන්න – වාණිජ සංගම් ජනපතිට කියයි

ප්‍රකාශ වී ඇති ජන හඩට කන් දෙමින් අන්තර් වාර පාලනයක් ස්ථාපිත කොට තනතුරි ඉවත්වන ලෙස දිවයිනේ ප්‍රධාන වාණිජ සංගම් එකතුවක් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියි. එමෙන් ම පක්ෂ භේද ඉවත ලා සම්මුතිවාදී අන්තර් වර පාලනයක් පිහිටුවීමට එක්වන ලෙස එම එකතුව සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කරයි. දිවයිනේ ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරන ප්‍රධාන වාණිජ මණ්ඩල 12…

එක ම විසඳුම ජනාධිපති ඉවත්වීමයි – චන්ද්‍රිකා

  වත්මන් දේශපාලන අර්බුදයට එක ම විසඳුම වන්නේ අන්තර් වාර පාලනයකට ඉඩ සලසා දී ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්වීම බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පණිවිඩයක් නිකුත් කරමින් කියයි. ගෝටාභය රාජපක්ෂ මහතා ඉවත් විය යුතු බව කියන්නට පෙරට පැමිණ ඇත්තේ ඔහුට ඡන්දය දුන් 69 ලක්ෂයේ පිරිස බව පෙන්වා දෙමින් ඇය කියන්නේ එම ජනවරම අහෝසි…

දේශපාලන ස්ථාවර බව ඇති නොකළොත් රට ගොඩගන්න බැහැ ; මම ඉවත් වෙනවා – මහ බැංකු අධිපති

  දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවුව හොත් ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගත නොහැකි වන බවත් ඉදිරි සතිය දෙක ඇතුළත දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවූවහත් තමා  ධුරයෙන් ඉවත් වන  බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා  පැවැසීය. මීට මාසයකට පෙර තමා තනතුර භාරගත්තේ ඉක්මනින් දේශපාලන ස්ථාවර බවක් ඇතිවනු ඇතැයි බලාපොරොත්තුවෙන් බවත්, එසේ නොවීම නිසා අර්බුදයට විසඳුම් සෙවීම දුෂ්කර වී…

මැති ඇමතිවරු 53කගේ නිවාස ගිනිබත් වෙයි

  ගාලු මුවදොර පිටියේ පිහිටි ‘ගෝඨා ගෝ ගම’ හා අරලියගහ මන්දිරය ඉදිරිපිට පිහිටි ‘මයිනා ගෝ ගම’ සාමකාමී විරෝධතා භූමි වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන සහයට මැර කණ්ඩායම් විසින් එල්ල කළ ප්‍රහාරයෙන් පසු කුපිත වූ ජනතාව මැති ඇමතිවරුන් 53 කගේ පමණ නිවෙස් හා දේපලවලට පහර දී ගිනිතබා විනාශ කර ඇත. හිටපු අමාත්‍යවරුන් වන චමල්…