රනිල්ගේ සහයට පාර්ලිමේන්තුවේ මන්ත්රීවරු 160 ක්

රනිල් වික්රමසිංහ මහතා අගමැති ධුරය භාරගන්නේ නම් ඒ මහතාට සහය දීමට පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන් 160 කට වැඩි පිරිසක් කැමැත්ත ප්රකාශ කොට ඇති බව එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ආරංචි මාර්ග කියයි.
ආණ්ඩුවෙන් ඉවත් වූ ස්වාධින කණ්ඩායම, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක්, සමගි ජන බලවේගයේ බහුතරය සහ පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂවල මන්ත්රීවරු ඒ අතර වෙති.
මෙම ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත හැක්කේ වික්රමසිංහ මහතාට බව බොහෝ දෙනාගේ විශ්වාසය වී ඇති බව ද කියති.
කෙසේ වෙතත්, මේ අර්බුදකාරී අවස්ථාවේ රනිල් වික්රමසිංහ මහතාගේ උත්සාහය වන්නේ මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුව බවට පත්කර ගනිමින් සම්මුතිවාදී ලෙස කටයුතු කිරීම බව එජාපයේ අපගේ ආරංචි මාර්ග කියයි.
