ගෝටා නොයයි ; අගමැතිවරයකුට බලය දෙන බව කියයි

අලුතින් පත්වන අගමැතිවරයකුට බලය ලැබෙන පරිදි 19 වන ව්‍යවස්ථා සංශෝදනය ක්‍රියාත්මක කරන බවත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහය දෙන බවත්, ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා අද ප්‍රකාශ කළේය.

නව අගමැතිවරයෙකු සහ කැබිනට මණ්ඩලයක් මෙම සතිය තුළ පත්කරන බව ද ජනාධිපතිවරයා කී ය.

පාර්ලිමේන්තුවට වැඩි බලතල දෙන බව කීව ද ජනාධිපති තනතුරින් ඉල්ලා අස්වීමේ අදහසක් ප්‍රකාශ නොකළේය.

පාර්ලිමේන්තුවේ බහුතරයේ විශ්වාසය දිනාගත හැකි අගමැතිවරයකු පත් කරන බව කීව ද එවැන්නකු තෝරා ගැනීම ගැන අදහසක් ප්‍රකාශ කලේ ද නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *