වහාම අගමැති, ඇමති මණ්ඩලය පත් කරන්න – පක්ෂ නායකයෝ ජනපතිට කියති

 

නව ආණ්ඩුවක් සහ අගමැතිවරයෙකු පත් කිරීම වහාම සිදුකරන ලෙස සූම් තාක්ෂනය ඔස්සේ අද පැවති රැස්වීමේ දී පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෝ තීරණය කළහ.

මෙම තීරණය වහාම ජනාධිපතිවරයාට දන්වා යවන ලෙස පක්ෂ නායකයෝ කථානායකතුමාගෙන් ඉල්ලා සිටියහ.

මේ අතර ජනාධිපතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව ලබන සතියේ විවාදයට ගැනීමට කථානායකතුම එකඟත්වය පළ කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *