දේශපාලන ස්ථාවර බව ඇති නොකළොත් රට ගොඩගන්න බැහැ ; මම ඉවත් වෙනවා – මහ බැංකු අධිපති

 

දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවුව හොත් ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගත නොහැකි වන බවත් ඉදිරි සතිය දෙක ඇතුළත දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවූවහත් තමා  ධුරයෙන් ඉවත් වන  බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා  පැවැසීය.

මීට මාසයකට පෙර තමා තනතුර භාරගත්තේ ඉක්මනින් දේශපාලන ස්ථාවර බවක් ඇතිවනු ඇතැයි බලාපොරොත්තුවෙන් බවත්, එසේ නොවීම නිසා අර්බුදයට විසඳුම් සෙවීම දුෂ්කර වී ඇතැයි ද ඒ මහත් කී ය.

පසුගිය දිනවල ඇති වූ තත්ත්වය පැවතුනහොත් රට ගොඩගැනීම තවත් අපහසු වන බව ද මහ බැංකු අධිපතිවරයා කියයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම ඒ බව සඳහන් කළේ ය.

රට තුළ‌ දේශපාලන ස්ථාවරත්වයක් නොමැති නම් ගන්නා ආර්ථික ප්‍රතිපත්තිවලින් කිසිදු ප්‍රතිඵලයක් නොමැති බවත් දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවූවහොත් ආර්ථික තත්ත්වය ඉදිරියේ දී තවදුරටත් නරක අතට හැරෙනු ඇතැයි ද හෙතෙම කීය.

එහිදි අධිපතිවරයා මෙසේ ද කීය.

“දේශපාලනඥයන්ට එකතුවෙලා ස්ථාවරත්වයක් ගෙන එන්න බැරි නම් කාටවත් මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න බෑ. දේශපාලන ස්ථාවරත්වය නැතිනම් මම තනතුරේ ඉන්නේ නෑ. සතියක් දෙකක් ඇතුළත  දේශපාලන ස්ථාවරත්වය ගේන්න බැරි නම් කවුරු අධිපති ධුරයේ හිටියත් රටේ ආර්ථිකය ගොඩගන්න බැහැ. ඒ නිසා සතියක් දෙකක් ඇතුළත දේශපාලන ස්ථාවරත්වයක් ඇති වුණේ නැතිනම් මහ බැංකු අධිපති ධුරයේ රැඳී  සිටීමට මගේ බලාපොරොත්තුවක් නැහැ. ඒ බව මා ජනාධිපතිවරයා ඇතුළු සියලු දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබෙනවා.”

දේශපාලන ස්ථාවර බව ඇතිකිරීම කරන්නේ කෙසේ දැයි කීම මහ බැංකුවේ කාර්යයක් නොවන බවත්, එම වගකීම ඇත්තේ පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාට සහ ජනාධිපතිවරයාට බවත්, ඒ මහතා වැඩි දුරටත් කී ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *