එක ම විසඳුම ජනාධිපති ඉවත්වීමයි – චන්ද්රිකා

වත්මන් දේශපාලන අර්බුදයට එක ම විසඳුම වන්නේ අන්තර් වාර පාලනයකට ඉඩ සලසා දී ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්වීම බව හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය පණිවිඩයක් නිකුත් කරමින් කියයි.
ගෝටාභය රාජපක්ෂ මහතා ඉවත් විය යුතු බව කියන්නට පෙරට පැමිණ ඇත්තේ ඔහුට ඡන්දය දුන් 69 ලක්ෂයේ පිරිස බව පෙන්වා දෙමින් ඇය කියන්නේ එම ජනවරම අහෝසි වී ඇති බව යි.
අරගලයේ සාමකාමී බව දිගට ම පවත්වා ගන්නා ලෙසත්, එය ප්රචණ්ඩත්වයට හැරවීමට උත්සහ දරන අය පළවා හරින ලෙසත්, ඇය ගෝල්ෆේස් අරගල කරුවන්ගෙන් ඉල්ලා සිටියි.
