ජනතා බලය පාවාදෙන විපක්ෂයක් එපා – රටේ රාළ
|

ජනතා බලය පාවාදෙන විපක්ෂයක් එපා – රටේ රාළ

පලාත් පාලන මැතිවරණ ප්‍රතිඵල දැන් රටට රහසක් නෙවෙයි.මැතිවරණය තියපු පලාත් පාලන ආයතන 339 යෙන් 265ක් මාලිමාව ජයග්‍රහණය කරලා තිබුණා.ඒ වගේම සජබය පලාත් පාලන ආයතන 14 ක් ජයග්‍රහණය කළා.ඊට අමතරව දෙමළ ජාතික සන්දානය 35ක්,මුස්ලිම් කොංග්‍රසය 06ක්,සමස්ථ ලංකා මහජන කොංග්‍රසය 03 ක් සහ ස්වාධීන කණ්ඩායමක් හපුතලේ නගර සභාව ජයග්‍රහණය කරලා තිබුණා.මාලිමාව දිනාගත්ත පලාත් පාලන ආයතනවලින් 116ක තමයි…

මාලිමා ආණ්ඩුව “පච” වුණේ ඇයි ? – සී ජේ අමරතුංග
|

මාලිමා ආණ්ඩුව “පච” වුණේ ඇයි ? – සී ජේ අමරතුංග

ජාතික ජන බලවේගය හෙවත් මාලිමාවේ ආණ්ඩුව මේ වන විට බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින බව ඔවුන් කරන කියන දේ වලින් පැහැදිලි වෙමින් පවතියි. එම අර්බුදය ප්‍රකාශයට පත්වන එක් ආකාරයක් වන්නේ ජනතාව හොදින් දන්නා ඇතැම් කරුණු ගැන බොරු කියන්නට එහි නායකයින් පෙළඹී සිටීම යි. මේ නිසා ආණ්ඩුවේ විරුද්ධවාදීන් ආණ්ඩුවට “ පච ආණ්ඩුව “ , “ණයවන චේතිය…

අර්බුදයේ තරම නොදත් මාලිමා ආණ්ඩුව – සී ජේ අමරතුංග
| |

අර්බුදයේ තරම නොදත් මාලිමා ආණ්ඩුව – සී ජේ අමරතුංග

  කවුරුත් දන්නා පරිදි අද අප ඉදිරියේ පවතින්නේ බරපතළ අභියෝගාත්මක තත්ත්වයකි. ඇමෙරිකාව පනවා ඇති තීරුබදු මගින් ලෝකය විශාල ආර්ථික අවිනිශ්චිත තත්ත්වයකට සහ අර්බුදයකට පත්කොට තිබේ. එහි ප්‍රතිඵල තවමත් සිතාගැනීමට පවා නොහැකි ය. ඒ අතර ඉන්දියාව සහ පාකිස්ථානය අතර යුද තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඒ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ද විශාල අවිනිශ්චිත බවක් පවතියි….

දකුණ එකතු විය යුතුද? –  සරත් අබේසිංහ
|

දකුණ එකතු විය යුතුද? – සරත් අබේසිංහ

  දැනට රටේ පවතින්නේ වාමාංශික රජයකි. එනමුත් ඔවුන් ක්‍රියාත්මක කරන්නේ දක්ෂිණාංශික ප්‍රතිපත්ති වේ. එයට එක ප්‍රධාන හේතුවක් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව ඇතිකරගත් ගිවිසුමයි. එම ගිවිසුමෙහි අවධානය ඇත්තේ වාමාංශික හෝ දක්ෂිණාංශික හෝ වීමට වඩා ශ්‍රී ලංකා රාජ්‍යය මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට ප්‍රයෝගික විසඳුම් සෙවීමයි. ආර්ථික අර්බුදය නම් රජය සිය ආදායමට වඩා වියදම්…

විදුලි බිල වැඩි කරන්න කොමිසම බෑ කියයි ! අයි එම් එෆ් වාරිකය අවිනිශ්චිතයි !! ලංවීමය සියයට 50 ක වැඩි කිරීමක් ඉල්ලයි

විදුලි බිල වැඩි කරන්න කොමිසම බෑ කියයි ! අයි එම් එෆ් වාරිකය අවිනිශ්චිතයි !!

ලංවීමය සියයට 50 ක වැඩි කිරීමක් ඉල්ලයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශ අනුව විදුලි ගාස්තු වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසම අකමැත්ත පළ කිරීම නිසා මුල්‍ය අරමුදලේ ඊළඟ වාරිකය ජුනි මාසයේ පවත්වන එහි විධායක මණ්ඩලයෙන් අනුමත කර ගැනීම අවිනිශ්චිත තත්ත්වයට පත්ව ඇති බව තතු දත් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. විදුලි නිෂ්පාදන පිරිවැය පියවා ගැනීමට වර්තමාන විදුලි ගාස්තු ප්‍රමාණවත් නැති බව මුල්‍ය අරමුදල ප්‍රකාශ කළත්,…

රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වහාම කන්කසන්තුරයට මාරු කරයි.

රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වහාම කන්කසන්තුරයට මාරු කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව භාර ප්‍රධානියා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂය අශෝක අරියවංශ මහතා අද මැයි 1 සිට ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරේ පොලිසිය වෙත මාරුකර යවා ඇති බව වාර්තා වෙයි. ඒ මහතා වසර 21 ක් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක ඒකකයේ කටයුතු කොට ඇති ඒ මහතාගේ විශ්වාසවන්ත නිලධාරියකු බව කියති. මෙය ජාතික පොලිස්…

ජනතාව ජනාධිපති පැන්නුවොත්  ජනාධිපති පත් කරන්නේ මාලිමාවෙන්මයි – නියෝජ්‍ය ඇමති රුවන් රණසිංහ

ජනතාව ජනාධිපති පැන්නුවොත් ජනාධිපති පත් කරන්නේ මාලිමාවෙන්මයි – නියෝජ්‍ය ඇමති රුවන් රණසිංහ

රට නැවත වතාවක් අර්බුදයකට ගොස් ජනතාව විසින් ආණ්ඩුව පන්නා දැමුවහොත් නව ජනාධිපතිවරයකු පාර්ලිමේන්තුව හරහා පත් කරන්නේ ද ජාතික ජන බලවේගයෙන් බව සංචාරක නියෝජ්‍ය ඇමති රුවන් රණසිංහ මහතා සඳහන් කරයි. තෙල් පෝලිම් ගෑස් පෝලිම් ඇතිවී ජනතාව ආණ්ඩුව පළවා හැර රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරනු ඇතැයි ඇත්ත බලාපොරොත්තු වීම සිහිනයක් බවද ඔහු පැවසුවේය. පසුගිය පාර්ලිමේන්තුවේ මෙන් නොව…

අපිට දුන්නොත් දළදාව ! – සුන්දර නිහතමානි ද මැල්
| |

අපිට දුන්නොත් දළදාව ! – සුන්දර නිහතමානි ද මැල්

 මහනුවර පැත්තෙන් ලැබෙන ආරංචිවලට අනුව දළදා ප්‍රදර්ශනය කවුරැකවුරැන් හෝ විසින් හොඳටම අනාගෙන තිබේ .ආණ්ඩු විරෝධීන් කියන්නේ සහසුද්දියෙන්ම අනාගෙන තිබෙන්නේ ආණ්ඩුව බවයි .ආණ්ඩුවේ බැතිමත්තු වන්දනාකරුවන්,දියවඩන නිළමේ,මහ නගර සභාව හා පොලිසිය ඇතුළු වෙනත් හැමදේකටම එහි වරද පටවති. දැන් ජනතා විමුක්ති පෙරමුණ සිටින්නේ ආණ්ඩුවේය.ජවිපෙ විපක්ෂයේ සිටියේ නම් සිරි දළදා වන්දනාව දකින්නේ කුමන ආකාරයකට විය හැකිද?ඒ මේ අන්දමට විය…

අල්ලස් කොමිසමට මා යැවූ ලිපිය ජනාධිපතිට ගියේ කොහොමද ? – රනිල් ප්‍රශ්න කරයි.

අල්ලස් කොමිසමට මා යැවූ ලිපිය ජනාධිපතිට ගියේ කොහොමද ? – රනිල් ප්‍රශ්න කරයි.

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම වෙත තමන් යැවූ ලිපිය ජනාධිපතිතුමා දුටුවේ කෙසේදැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පැවති මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කළේය. අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමෙන් පසු පැවති මෙම මාධ්‍ය හමුවේ දී හිටපු ජනාධිපතිතුමා මෙසේ ප්‍රශ්න කළේ තමන් ලිපිය දුටු බවට අනුර කුමාර ජනාධිපතිතුමා කරන ප්‍රකශය ද මාධ්‍යයට පෙන්වමිනි. අල්ලස් කොමිසමට රනිල් කැදෙව්වේ…

ජාත්‍යන්තර වෙළඳාමේ අලුත් යුගය (තෙවන කොටස) – ඉකොනොමැට්ටා
| |

ජාත්‍යන්තර වෙළඳාමේ අලුත් යුගය (තෙවන කොටස) – ඉකොනොමැට්ටා

මේ දින වල ජනප්‍රිය මාතෘකාවක් වී තිබෙන ඇමරිකාවේ වෙළඳ ශේෂය හා අදාළව ඓතිහාසික කාල පරිච්ඡේද තුනක් හඳුනා ගන්න පුළුවන්. ඒ 1870-1970 අතර කාලය, ඊට පෙර කාලය සහ ඊට පසු කාලය ලෙසයි. ඔය අතරමැදි කාලය එක දිගටම මෙන් වෙළඳ අතිරික්තයක් වාර්තා වූ කාලයක්. ඊට පෙර හා පසු කාල පරිච්ඡේද වලදී එක දිගටම මෙන් වෙළඳ හිඟයක් වාර්තා…

ජාත්‍යන්තර වෙළඳාමේ අලුත් යුගය (දෙවන කොටස) – ඉකොනොමැට්ටා
| |

ජාත්‍යන්තර වෙළඳාමේ අලුත් යුගය (දෙවන කොටස) – ඉකොනොමැට්ටා

පෙර ලිපියෙන් අපි නික්සන් කම්පනයෙන් පසු එළැඹුණු ෆියට් මුදල් යුගය තුළ ජාත්‍යන්තර වෙළඳාම වැඩි දියුණු වූ ආකාරය ගැන කතා කතා කළා. පහත පළ කරන 1970-2023 ලෝක බැංකු දත්ත අනුව නික්සන් කම්පනය සිදු වන විට ජාත්‍යන්තර වෙළඳාම ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් 26%ක් පමණයි. 2008 මහා ආර්ථික පසුබෑම සිදු වන විට මෙම පරිමාව 61% දක්වා ඉහළ ගිහින්….

ජාත්‍යන්තර වෙළඳාමේ අලුත් යුගය (පළමු කොටස) – ඉකොනොමැට්ටා
| |

ජාත්‍යන්තර වෙළඳාමේ අලුත් යුගය (පළමු කොටස) – ඉකොනොමැට්ටා

අපි අපට සංයුක්ත ලෙස නිරීක්ෂණය කළ හැකි දේවල් ඒ විදිහට සිදු වෙන්නේ ඇයි කියන එක පහසුවෙන් තේරුම් ගැනීම පිණිස වියුක්ත ආකෘති හදා ගන්නවා. නමුත් මේ ආකෘති කියන්නේ ඇත්තටම සිදු වන දෙය නෙමෙයි. යම් උපකල්පිත තත්ත්වයන් යටතේ සිදු විය හැකි දේ. හොඳ ආකෘතියක් කියන්නේ බොහෝ ප්‍රායෝගික තත්ත්වයන් යටතේ අපගේ නිරීක්ෂණ සමඟ ගැලපෙන ආකෘතියක්. මෙය ඕනෑම විද්‍යාවකට…